ඔන්න ආයෙත් සැරයක් Microsoft එක console gaming වලට ලොකු වෙනසක් කරන්න යන බවක් තමයි පේන්න තියෙන්නේ. මේ වන විටත් ඔවුන් තමන්ගේ Xbox gaming console වලට mouse සහ keyboard වල සහාය එකතු කරන බවට නිවේදනය කරලා තියනවා.

ඒ වගේම Razer කියන නමත් gaming වලට කැමති ඕනම කෙනෙක් මේ වෙනකොට දන්න නමක්. ඔවුන්ගේ Razer phone එකත් එක්ක මේ සමාගම ලෝකය පුරා ඉතාමත් ප්‍රසිද්ධ වුණා ඔයාලාට මතක ඇති. ඔන්න දැන් Microsoft එක මේ Razer සමාගමත් එක්ක එකතු වෙලා ඔවුන්ගේ Xbox console එකට සහාය දක්වන peripheral devices නිෂ්පාදනය කිරීමට කටයුතු කරනවා.

Razer-Turret-keyboard-and-mouse-techie

ඔයාලා අහලා ඇති Razer ලා ගේ Turret keyboard සහ mouse එක ගැන. ඔන්න දැන් Xbox එකට මේ devices සහාය දක්වනවා. ඒ කියන්නේ මේ mouse එක සහ keybord එක භාවිතා කරලා ඔයාට ඔයාගේ Xbox එකේ game ගහන්න පුළුවන්.

මේ වෙන තුරුත් console එකක game ගහන විට අපිට තිබුණු ලොකුම ගැටළුව වෙන්නේ හරියට aim කරන්නට හැකියාවක් joysticks වලින් ලබා ගැනීමට නොහැකි වීමයි. ඉතින් ඔන්න දැන් ඒ ප්‍රශණයට පිළිතුරු ලබා දීමට Microsoft සහ Razer සමාගම් එකතු වෙලා කටයුතු කරලා තියනවා. එමෙන්ම ඉදිරියේදී තවත් සමාගම් මේ අනුව devices නිර්මාණය කිරීමට පෙළඹේවි යැයි Microsoft සමාගම බළාපොරොත්තු වෙනවා.

කෙසේ නමුත් Microsoft සමාගම විසින් තාමත් මෙම පහසුකම මහජනයා සඳහා නිකුත් කර නැති අතර, මේ සම්බන්ධව නිවැරදි දිනයක් ද සඳහන් කරන්නේ නැහැ. කෙසේ නමුත් ඔවුන්ගේ මීළඟ device එක ගැන නිවේදනය කිරීමට ප්‍රථමව මෙම පහසුකම ලබා දේවි යැයි විශ්වාස කළ හැකිය.