Fortnite කියන්නේ PUBG වගේම ලොව පුරා පැතිරී යන උන්මාදනීය game එකක් බව මේ වෙනකොට හැමෝම දන්නවා.

මීට ටික දවසකට පෙර මොවුන් මෙම game එකෙහි Android version එක මුලින්ම Samsung Galaxy phone වලට පමණක් ලබාගතහැකි ලෙස නිකුත් කරන්නට කටයුතු කළා. ඊට දින 3 කට පසු සියළුම දෙනාට download කරගත හැකි ලෙස මෙම game එක නිකුත් කලත්, මෙය Google Play Store එක හරහා නිකුත් නොකිරීමට Epic Games අායතනය කටයුතු කර තිබුණා.

Samsung ජංගම දුරකථන වලට Galaxy Apps store එක හරහා නිකුත් කළ මේ game එක, අනෙකුත් Android ජංගම දුරකථන සඳහා ඔවුන්ගේ website එක හරහා download කරගැනීමට කටයුතු සලසා තිබෙනවා.

කොහොම නමුත් මේ Fortnite Installer එක හරහා වෙනත් භයානක apps install වීමේ අවධානමක් ගැන මෙන්ම ඒ වෙනුවෙන් Epic Games විසින් නිකුත් කළ update එකක් ගැන මේ වන විට වාර්ථා වෙනවා.

මෙම attack එක/දුර්වලතාවය හඳුන්වන්නේ Man-in-the-Disk exploit කියන නමින් වන අතර පසුගිය දින වල Xiaomi Browser එක හරහා ත් මෙවැනිම වූ දුර්වලතාවයක් පෙන්වා දෙන්නට security researchers ලා පිරිසක් කටයුතු කළා.

මේ ගැන කෙටියෙන් හැඳින්වීමක් කරනවා නම්, මේ Fortnite කියන game එක සෘජුවම අපේ ජංගම දුරකථනයට Install කරගන්න හැකියාව ලබා නොදෙන අතර, ඒ වෙනුවට පළමුව Fortnite Installer app එක download කරගත යුතු වෙනවා.

මේ Fortnite installer app එක හරහා Fortnite game එක download කර install කරගත හැකි වන අතර, update එකක් ලැබුණු විට එයද මෙම installer app එක හරහා සිදු කළ යුතු වෙනවා.

මෙම installer app එක නිර්මාණය කළ ආකාරයේ දුර්වලතාවයක් හේතුවෙන්, මෙම app එකට අදාල දත්ත වෙනත් app එකකින් වෙනස් කිරීමට හැකියාව ලැබෙන අතර, ඒ මගින් භාවිතා කරන්නාට game එකෙහි update එකක් තිබෙන බව පෙන්වා වෙනත් භයානක app එකක් download කර install කර දෙන ලෙස සැකසිය හැකි වෙනවා.

මෙය Samsung ජංගම දුරකථන වලදී තවත් භයානක වන්නේ Galaxy Apps හරහා මෙම app එකට package installer පහසුකම් ලබා දෙන නිසාවෙන් භාවිතා කරන්නාගේ අනුදැනුමක් නැතිවම වෙනත් apps install කිරීමට hacker කෙනෙකුට අවස්ථාව ලැබෙනවා.

මේ ආකාරයට install කරනු ලබන app එකක් හරහා ඔබ නොදැනුවත්වම ජංගම දුරකථනය තුල ඇති සියළුම photos වැනි දේවල් මෙන්ම, calls/messages ගැනීම ඒවා record කිරීම වැනි ඕනෑම කටයුත්තක් සිදු කිරීමට හැකියාව ලබා ගැනීමට අදාල hacker ට හැකියාව ලැබෙනවා.

මෙම දුර්වලතාවය Google සමාගම විසින් පළමුව හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳව Epic Games ආයතනය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා. ඒ අනුව එම දුර්වලතාවය මඟහරවා ඒ වෙනුවෙන් update එකක් නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබුණා.

මේ Fortnite game එක උන්මාදයක් ලෙස ලොව පුරා විශාල ප්‍රසිද්ධියක් ලබා තිබීමත් සමඟින් මෙය වෙනත් hacker කෙනෙකුට මුලින් හඳුනාගැනීමට හැකියාවක් ලැබුණා නම් තත්ත්වය විශාල ලෙස නරක අතකට හැරෙන්නට ඉඩ කඩ තිබුණා.