පසුගිය වසරේ දෙසැම්බර් මාසය වන විට Microsoft සමාගම ඔවුන්ගේ Edge Browser එක වෙනුවට Chromium ව්‍යාපෘතිය පාදක කරගෙන නිර්මාණය කරනු ලබන අලුත් Edge Browser එකක් එළිදැක්වීමට සූදානම් වන බව ඔබව දැනුවත් කළා මතක ඇති.

එමෙන්ම ඊට ටික දිනකට පසුව මේ අලුත් Browser එක test කිරීම සඳහා සාමාජිකයන් බඳවා ගැනීමට ද Microsoft සමාගම කටයුතු කළා.

මේ වන විට මේ අලුත් Browser එකේ පෙනුම සහ user-experience එක ගැන The Verge වෙබ් අඩවිය හරහා ලිපියක් පළ කර තිබෙන අතර මුල් කාලීනව දකින්නට ලැබුණු පෙනුමට වඩා ඉතාමත් හොඳ ත්ත්වයක් දකින්නට ලැබෙන බව ඔවුන් ප්‍රකාශ කරනවා.

විශේෂයෙන්ම පැරණි Edge Browser එකේ පැවති read aloud කියන option එකත් මේ Chromium පාදක කරගත් browser එකට එකතු කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

කොහොම වුණත්, Dark mode මෙන්ම පැරණි සංස්කරණයේ පැවති විශේෂ පහසුකමක් වන වෙබ් පිටුවක් මත stylus එකක් ආධාරයෙන් විවිධ දේ ලිවීමේ හැකියාව වැනි පහසුකම් තවමත් මෙහි දක්නට නොලැබුණත්, නුදුරු අනාගතයේදී එම පහසුකම් ද මෙයට ඇතුලත් කෙරෙනු ඇති බව විශ්වාස කෙරෙනවා.

මීට අමතරව මේ අලුත් browser එක සඳහා Chrome Store එකට සමාන පහසුකමක් සපයන Extension සහිත වෙබ් අඩවියක් ද නිර්මාණය කිරීමට Microsoft සමාගම කටයුතු කර තිබෙන අතර, මෙහි ඇතුලත් වන extensions වලට අමතරව ඕනෑම Chrome extension එකක් ද install කරගැනීමට පහසුකම මෙයට ඇතුලත් වෙනවා.

අලුත් Edge browser එක ගැන අදහස් දක්වමින් The Verge වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ පැරණි slow Edge browser එක වෙනුවට මේ අලුත් Edge browser එක ඉතාමත් හොඳ තත්ත්වයේ user experience එකක් ලබා දෙන බවත්, අනාගතයේදී Windows මත අමුතුවෙන් Chrome Browser එක install කරගැනීමට අවශ්‍යයතාවයක් මතු නොවනු ඇති බවත් ය.

කොහොම වුණත් තවමත් මේ Edge Browser එක පොදු ජනතාව සඳහා එළිදැක්වීමට නියමිත කාළ වකවානු පිළිබඳව වාර්ථා නොවන නමුත් මේ දැනටමත් පරීක්ෂණ තත්ත්වයේ තිබෙන builds පවා ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන බව The Verge වෙබ් අඩවිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ MicrosoftEdgeInsider වෙබ් අඩවිය භාවිතා කළ හැක.