2008 වර්ෂයේ සැප්තැම්බර් මස 23 වැනිදා ලොව ප්‍රථම Android ජංගම දුරකථනය වූ Google-HTC T-Mobile G1 දුරකථනය ලොව‍ට හඳුන්වා දෙනු ලැබිණි.

පසු කලෙක HTC Dream යන නමින් වෙළඳපලට පැමිණි මෙම දුරකථනය නිෂ්පාදනයෙහි මූලික අරමුණ වී තිබුණේ Apple සමාගමේ iPhone එකට අභියෝග කිරීමයි.

මිලිමීටර් 17ක පමණ ඝනකමකින් යුතු මේ ජංගම දුරකථනය 320x480 ප්‍රමාණයේ resolution එකකින් යුතු display එකකින් සමන්විත වූ අතර එහි දැන් පවතිනවාක් මෙන් virtual keyboard එකක් වෙනුවට දිගහැරිය හැකි ප්ලාස්ටික් keyboard එකකින් ද සමන්විත විය. එමෙන්ම navigation සඳහාම වෙන් වූ tracker ball එකක් ද මෙයට ඇතුලත් කර තිබුණි.

කොහොම වුණත් මේ අමුතු ජංගම දුරකථනය නිකුත් කර පළමු මාස 6 ඇතුලත devices මිලියනයකට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට T-Mobile ආයතනය සමත් වී තිබෙනවා.

මේ smartphone එකෙහි විශේෂත්වය වූයේ එහි අන්තර්ගත වූ Android මෙහෙයුම් පද්ධතිය වූ අතර ඒ වන විට Andy Rubin විසින් මේ Android මෙහෙයුම් පද්ධතිය නිර්මාණය හා වැඩිදියුණුකිරීම් සිදු කරනු ලැබුවා. Google සමාගම විසින් මෙය බෙදා හැරීමට කටයුතු කළ අතර මේ Android 1.0 මෙහෙයුම් පද්ධතිය එවකට පැවති iPhone OS (දැන් iOS) එකට සමානතාවයක් දැක්වූවා.

මේ වන විට ජංගම දුරකථන වල මිළ ඩොලර් 1,000 ද ඉක්මවා යමින් තිබුණත්, ප්‍රථම Android ජංගම දුරකථනයේ මිළ වූයේ ඇමෙරිකානු ඩොලර් 179ක් වූ අතර T-Mobile සමාගමේ 3G Network එක භාවිතා කිරීමට මේ හරහා අවස්ථාව ලැබුණා.

එමෙන්ම Google Play Music ආරම්භ වීමට තවත් වසර කිහිපයක් ගතවූ අතර ඒ වන විට Amazon MP3 යන app එක හරහා Music ලබා දීමට කටයුතු සකස් කර තිබුණා. එමෙන්ම Google Talk, AOL, Yahoo Messenger සහ Windows Live Messenger යන apps භාවිතා කරන්නත්, අන්තර්ජාලය භාවිතා කිරීමට Browser යන නමින් හැඳින්වූ Google Chrome එකට තරමක් සමාන web browser එකකින් ද මෙය සමන්විත වුණා.

කොහොම වුණත් තවත් වසරක් යනතුරු Google Play Store එක ආරම්භ කිරීමට කටයුතු නොකළ අතර Android Market නම් වූ app store එකක් හරහා නොමිලයේ apps install කරගැනීමට පළමු Android භාවිතා කරන්නන්ට අවස්ථාව හිමි වුණා.

පළමු Android සංස්කරණයෙන් පසුව තවත් වැඩිදියුණු කිරීම් සමඟින් Android වලට code name එකතු කිරීමට කටයුතු කළ අතර Android 1.5 සංස්කරණය Cupcake යන නමින් හඳුන්වන්නට කටයුතු යෙදුනා. එමෙන්ම මෙම සංස්කරණය හරහා virtual keyboard එකක්, copy paste කිරීමේ පහසුකම (iPhone OS 3 දක්වා copy paste කිරීමේ පහසුකම iPhone වලට ලැබී තිබුණේ නැහැ), සහ Widgets ඇතුළුව Android සම්පූර්ණයෙන්ම touch based මෙහෙයුම් පද්ධතියක් බවට පත් වුණා.

වැදගත්ම ‍දේ,
මේ පළමු Android Phone එකෙත් headphone jack එකක් අන්තර්ගත වී නොතිබූ අතර ඒ වෙනුවට දැන් භාවිතා කරනවාක් මෙන් වූ adapter එකක් භාවිතා කරනු ලැබුවා.