පසුගිය වසරක පමණ කාළසීමාව ඇතුලත, විශේෂයෙන්ම COVID-19 වසංගත තත්ත්වය හමුවේ Zoom ආයතනය ලොව පුරා ඉතාමත් ප්‍රසිද්ධියට පත්වූ අතර එම ප්‍රසිද්ධිය නිසාම විවිධ ආකාරයේ ගැටළු වලට මුහුණදීමට ද ඔවුන් හට සිදු වුණා මතක ඇති.

500,000කට අධික Zoom ගිණුම් හැක් කර Dark Web එක තුළ අලෙවි කර ඇති බව අනාවරණය වෙයි
Coronavirus වසංගතයත් සමඟින් බොහෝ දෙනා නිවසේ සිට වැඩ කිරීම ආරම්භ කළ නිසාවෙන්ව්‍යාපාර, පාසැල් මෙන්ම අනෙකුත් ආයතන වල අවධානය Video Conferencing සේවාවන් වෙතයොමු වුණා. ඒ අතරින් ප්‍රසිද්ධ video සහ web conferencing සේවාවක් වන Zoom සේවාව පසුගිය දින වලලොව පුරා ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ අතර ඒ සමඟින්ම ඒ හ…

එමෙන්ම Zoom සේවාවට අභියෝග කරන්නට Google සමාගම ඇතුළු අනෙකුත් තාක්ෂණික සමාගම් තමන්ගේම ‍video conferecing සේවාවන් හඳුන්වාදීමට කටයුතු කරනු ලැබුවත් තමන්ගේ දුර්වලතා මඟහරවාගනිමින් ඉදිරියට ඒමට ඔවුන් සමත් වූ බව දකින්නට ලැබුණා.

Zoom 5.0 update එකත් සමඟින් දැඩි Encryption methods සහ නව security features ලබාදෙයි
Zoom කියන්නේ මේ වන විට ගොඩක් දෙනා Video Conferencing පවත්වන්න භාවිතා කරන සේවාවක්බවට පත් වෙලා ඉවරයි. කොහොම වුණත් පසුගිය දින වල විශාල data breach වීමක් සිදුවුණු නිසා zoom ආයතනයටතමන්ගේ security methods පිළිබඳව නැවත සිතන්නට සිදුවුණු අතර මේ පිළිබඳව අපි ඔබව මීටපෙර දැනුවත් කිරීමට කටයුත කළා මතක ඇති. 50…

කොහොම නමුත් මේ වන විට වාර්තා වන ආකාරයට Zoom ආයතනයේ ආදායම මෙම වසරේ තුන් වැනි කාර්තුවේදී පසුගිය වසරේ එම කාර්තුවට සාපේක්ෂව සිව් ගුණයකින් (4x) ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

Zoom ආයතනයේ ආදායම සිව් ගුණයකින් වැඩි වූ ප්‍රථම අවස්තාව මෙය පමණක් නොවන අතර, මෙම වසරේ දෙවැනි කාර්තුවේදීද මේ ආකාරයෙන්ම ඔවුන්ගේ ආදායම සිව් ගුණයකින් ඉහළ ගොස් තිබුණා.

එමෙන්ම මීළඟ කාර්තුවේදීද ඔවුන්ගේ ආදායම නැවතත් සිව් ගුණයකින් ඉහළ යනු ඇති බව Zoom ආයතනය අපේක්ෂා කරනු ලබන බව ද The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ BBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.