ඔයා YouTube එකට videos upload කරන කෙනෙක් නම් බොහෝ වෙලාවට ඔයාගේ නිර්මාණ වෙනත් කෙනෙක් නැවත upload කර ඒ හරහා ප්‍රතිලාභ ලබන විදිහේ අවස්ථා වලට මුහුණ දෙන්න සිදු වෙලා ඇති. ඒ වෙනුවෙන් ඔබ විසින් වැය කළ කාලය, ශ්‍රමය අපතේ යනවා වැනි හැඟීමක් ඒ වෙලාවට ඔයාට දැනිලත් ඇති. ඉතින් ඔන්න ඒක නවත්තන්න ක්‍රමයක් YouTube එකෙන් දැන් හඳුන්වා දෙන්න කටයුතු කරලා තියනවා.

මේ අළුත් Copyright Match tool එක හරහා, video එකක් upload කරන විට එම video එකට සමාන videos දැනටමත් upload කර ඇත්දැයි පරීක්ෂා කර බැලිය හැකි වෙනවා. මේ මගින් සම්පූර්ණ video එකම scan කර බලන අතර කුඩා clip එහෙමත් නැතිනම් කුඩා video කොටස් සලකා බලන්නේ නැති බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

මේ ආකාරයට ඔබගේ videos වෙනත් පුද්ගලයෙකු upload කලහොත්, ඒ බව notification එකකින් ඔබට දන්වන අතර, ඒ වෙනුවෙන් action එකක් ගැනීමට හෝ නොගැනීමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව එම video එක upload කළ තැනැත්තාව සම්බන්ධ කරගැනීමට හෝ YouTube එක හරහා එය ඉවත් කිරීමට කටයුතු කිරීමට ඔබට හැකියාව ලැබෙනවා.

YouTube_Copycat_infographic_final

මෙහිදී පළමුවෙන්ම එම video එක upload කළ තැනැත්තා original creator ලෙස සැළකෙන අතර ඉන් පසුව upload කරන සෑම තැනැත්තෙකුම මේ හරහා හඳුනාගැනීමට ලක් වෙනවා. ඉතින් ඔයා, ඔයාගේ videos Facebook හෝ Vimeo වගේ වෙනත් සේවා වල පමණක් share කරලා තියනවා නම්, වෙනත් කෙනෙකු ඔබට ප්‍රථමව ඔබගේ video එක YouTube එකට upload කළහොත් ඔහුට එහි අයිතිකාරීත්වය හිමි වෙනවා. මෙය මෙම පද්ධතියේ යම් ආකාරයක limitation එකක් වෙනවා.

එමෙන්ම මේ අළුත් පහසුකම දැනටමත් subscribers ලා 100,00 ට වැඩි content creators ලා හට පමණක් ඉදිරි සතිය තුලදී නිකුත් කිරීමට YouTube ආයතනය විසින් කටයුතු සූදානම් කර තිබෙනවා. අනෙකුත් users ලා හට පිළිවෙලින් මීලඟ මාස කිහිපය තුල මෙම පහසුකම අත්විඳින්නට ලැබෙනු ඇත.