ඔයා Android fan කෙනෙක් නම්, බොහෝ වෙලාවට දැනටමත් දන්නවා ඇති custom ROM එකක් කියන්නේ මොකක්ද කියලා.

කෙටියෙන් කියනවා නම්, අපි phone එකක් අළුතින්ම මිළට ගන්නා විට නිෂ්පාදකයා විසින් එම phone එකට ඇතුලත් කර ඇති මෙහෙයුම් පද්ධතිය (stock ROM) වෙනුවට, වෙනත් developer කෙනෙකු හෝ කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද මෙහෙයුම් පද්ධතියකට තමයි මේ custom ROM එකක් කියන්නේ.

ඉතින් මේ වගේ custom ROM එකක් මේ වෙනකොටත් ඔයා ඔයාගේ phone එකට ඇතුලත් කරලා අත්දැකීම් තියනවා නම්, බොහෝ වෙලාවට ඔයා උනන්දුවෙන් ඇති කොහොමද මේ custom ROM එකක් නිර්මාණය කරන්නේ කියලා දැනගන්න.

කොහොම නමුත් මේ process එක ටිකක් අමාරු දෙයක් විදිහට තමයි සාමාන්‍යය අත්දැකීම් ප්‍රමාණයක් තියන කෙනෙක් විදිහට මට නම් හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. මොන දේ වුණත් තමන්ගේ හිතේ කරන දේ ගැන ආසාවක්-උනන්දුවක් තියනවා නම් කරන්නන බෑ කියලා දෙයක් නැහැ. මේ Tech News වෙබ්සයිට් එක වැඩ කරන්නෙත්, Techie App එක නිර්මාණය කරන්නෙත් ඒ වගේ හිතේ ආසාව තියන අයගේ මහන්සියෙන් තමයි.

ඉතින් ඔයාට ඇත්තමට මේ වගේ දෙයක් නිර්මාණය කරන්න හිතේ කැමැත්ත තියනවා නම් ඔන්න දැන් ඔයාට ඒකට අවශ්‍යය දැනුම ලබාගන්න පුළුවන් විදිහේ video tutorial ටිකක් නිර්මාණය කරන්න XDA එකේ senior member කෙනෙක් වෙන AlaskaLinuxUser සමත් වෙලා තියනවා. ඒ වගේම මේ videos ටික අළුතින් මේ දේවල් සඳහා ඇතුලත් වෙන කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට සකස් කරන්නත් මේ content creator විශේෂයෙන්ම උත්සාහ කරලා තියනවා.

ඉතින් මේ හරහා Android Lollipop, Android Marshmallow, Android Nougat, සහ Android Oreo සඳහා system modification කිරීමට ඔබට අවස්ථාව ලැබෙන අතර පහත සඳහන් මාතෘකා ඔස්සේ මෙම අධ්‍යාපනික video මාලාව ගලාගෙන යනවා.

  • Ubuntu install කරන ආකාරය
  • Java install කරන ආකාරය
  • Git, GitHub, GitKraken, සහ අදාල command line බාවිතා කරන ආකාරය
  • Fastboot and ADB ගැන
  • Heimdall/Odin ගැන
  • QFIL, QPST, SALT, සහ වෙනත් tools ගැන
  • AOSP, SlimRoms, PACrom, AOKP, AOSCP ගැන
  • Lollipop, Marshmallow, Nougat, Oreo ගැන
  • Errors ගැන
  • Overclocking ගැන
  • CPU/GPU ගැන
  • Governors and I/O Schedulers ගැන
  • Sound modifications ගැන
  • App colors, text, සහ icons වෙනස් කිරීම ගැන
  • Prebuilt apps එකතු කිරීම ගැන
  • Source code එකතු කිරීම පිළිබඳව

ඉහත සඳහන් දේවල් සහ තවත් බොහෝ දේ මේ පාඩම් මාලාවට ඇතුලත් වෙන අතර, මෙය ඉංග්‍රීසි භාශාවෙන් තමයි ඉදිරිපත් කර තිබෙන්නේ. ඉතින් මේ දේවල් ගැන ඉගෙන ගන්න නම් කොහොම වුණත් ඔයාට යන්තමින් හරි ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕන වෙනවා.

ඒ වගේම මේ දේවල් නිතර පරිශීලනය කරනවා නම් ඉබේම ඔයාගේ ඉංග්‍රීසි දැනුම සහ domain knowledge එක වර්ධනය කරගන්නත් ඔයාට අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ කල් ගතවීමත් එක්ක ඔයාට මේ දේවල් වැඩි වැඩියෙන් තේරෙන්න පටන් ගන්නවා. මීට අමතරව ඔයා මේ ක්ෂේත්‍රෙයට අදාල රැකියාවක් කරන්න බළාපොරොත්තු වෙනවා නම් හෝ මීට සම්බන්ධ ව්‍යාපාරයක් අනාගතයේදී ආරම්භ කරන්න හිතේ බළාපොරොත්තුවක් තියනවා නම් මේක ඔයාට ගොඩක් වටින අවස්ථාවක් වේවි.

මේ videos තාමත් Youtube හෝ වෙනත් streaming site එකකට upload කරලා නැහැ. නමුත් ඔයාට ඕන නම්, පහත සඳහන් වෙන link එක හරහා ඒවා download කරගන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේම මේ ගැන උනන්දුයි නම්, මෙයට අදාල official XDA Thread එකත් visit කරන්න අමතක කරන්න එපා.

Download Videos on GitLab | XDA Thread