YouTube සමාගම විසින් video හරහා සෘජුවම නිෂ්පාදන මිලදී ගැනීමට පරීශිලකයන් හට ඉඩ සලසන විශේෂාංග පරීක්ෂා කරමින් සිටින බවට Bloomberg වෙබ් අඩවිය විසින් වාර්ථා කරනවා.

ඇතැම් YouTube නිර්මාණකරුවන් හට දැනටමත් මෙම YouTube වල නව tool එක පරීක්ෂා පරීක්ෂා කිරීමේ අවස්ථාව ලබාදී ඇති අතර එමඟින් video වලදී විස්තර කරන ලද නිෂ්පාදන tag කිරීමට ඉඩ ලබා දෙනවා.

YouTube video එකක ඇති products පිළිබඳ බැලීමෙන් පසුව, video එක පහලින් ඇති carosel එක හරහා ලැයිස්තුගත කර ඇති එම නිෂ්පාදන මත click කර ඒවා එතැනදීම purchase කිරීමට හැකි බව වාර්ථා වෙනවා.

Google සමාගම තමන්ගේම tools වලට අමතරව, online store සැපයුම්කරුවෙකු වන Shopify සේවාව ද සිය platform එකට ඒකාබද්ධ කිරීමේ ක්‍රම මේ වන විට පරීක්ෂා කරමින් සිටින බව වාර්තා වන අතර YouTube සමාගම විසින් පසුගිය වසරේදී මේ integration එක ද පරීක්ෂා කර ඇති බවට වාර්ථා වෙනවා.

කොහොම නමුත් මෙම shopping network එක හරහා YouTube සමාගම විසින් මුදල් උපයන්නේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැති නමුත් නිර්මාණකරුවන්ට මෙමගින් සිදුකරන ඕනෑම අලෙවියක මුදලින් යම් කිසි ප්‍රතිශතයක් ලැබෙනු ඇති අතර YouTube Ads වලින් ඔබ්බට මෙම ආදායම ලබාගැනීමට YouTube content creator වරුන් හට අවස්ථාව හිමි වෙනවා.

YouTube සමාගම දැනටමත් වසරකට ඩොලර් බිලියන 15 ක ව්‍යාපාරයක් වන බැවින් එය e-commerce අංග එක් විම මගින් එම අගය තවත් ඉහළ යනු ඇති අතර ඔවුන්ගේ ඉලක්කය වන්නේ Amazon ආයතනය සමඟ තරඟ කිරීමට YouTube platform එක ප්‍රධාන shopping destination බවට පත් කිරීමයි.

YouTube platform එක දැනටමත් Amazon වැනි සේවාවන් හී affiliate links හරහා products promote කරන නිර්මාණකරුවන්ගෙන් පිරී ඇති අතර, ඉතා ඉක්මනින් නරඹන්නන්ට YouTube platform එකෙන් සෘජුවම products මිලදී ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Bloomberg වෙබ් අඩවිය භාවිතා කළ හැක.