ලොව පුරා බොහෝ දෙනෙක් මේ Aquaman චිත්‍රපටය නැරඹීමට මේ වෙනකොට බොහොම ආසාවෙන් බළාගෙන ඉන්නවා.

ඔන්න දැන් Amazon සමාගම ඔවුන්ගේ Amazon Prime සේවාවේ සාමාජිකයන් හට Aquaman චිත්‍රපටය නිළ වශයෙන් නිකුත් වීමට සතියක කලින් චිත්‍රපටශාලාවටම ගොස් නැරඹීමේ අවස්ථාව ලබා දෙන්නට කටයුතු කරමින් පවතිනවා.

මේ අනුව එක් පුද්ලගයෙකු හට දෙසැම්බර් 15 වැනිදා 7PM දර්ශන වාරය සඳහා tickets 10 බැගින් මිළදීගැනීමට හැකියාව ලැබෙන අතර මේ චිත්‍රපටය නිළ වශයෙන් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර තිබෙන්නේ දෙසැම්බර් මස 21 වැනිදා බවටත් දැනගන්නට ලැබෙනවා.

නමුත් ඉතින් ශ්‍රී ලංකාවේ අපිට නම් මේ අවස්ථාව ලබාගන්න විදිහක් නැහැ. මොකද මේ සඳහා සුදුසුකම් ලබන චිත්‍රපටශාලා සියල්ලක්ම තිබෙන්නේ ඇමෙරිකාවේ. කොහොම වුණත් මේ අනුව ඇමෙරිකාව පුරා පිහිටි චිත්‍රපටශාලා 1,000කට අධික ප්‍රමාණයක් හරහා මේ ආකාරයෙන් Aquaman චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.