YouTube සමාගම විසින් 2015 වර්ෂයේදී YouTube Gaming App එක හඳුන්වා දුන්නේ ලොව පුරා video games play කරන අයට තමන්ගේ videos සහ video streaming එහෙමත් නැතිනම් video game play කරන ආකාරය සජීවීව විකාශය කරන්නට ඉඩ සලසා දෙමිනුයි.

මේ YouTube Gaming කියන App එකේ තිබුණු හැම පහසුකමක්ම වගේ මේ වෙනකොට ප්‍රධාන YouTube App එකට එකතු කරන්නට YouTube සමාගම කටයුතු කරලා තිබෙන නිසාවෙන්, gaming වෙනුවෙන් විශේෂිත app එකක් භාවිතා කිරීමට අනවශ්‍යය බව පෙන්වා දෙන YouTube සමාගම ලබන වසරේ මාර්තු මාසයේදී මේ YouTube Gaming App එක නිළ වශයෙන් නතර කිරීමට සැලසුම් කර තිබෙනවා.

YouTube Gaming Platform

කොහොම නමුත් මේ හරහා YouTube Gaming කියන platform එක නතර නොකරන අතර අදාල app එක පමණක් ඉවත් කරන්නට ඔවුන් කටයුතු කරනු ලබනවා. දැනට තිබෙන ප්‍රධාන YouTube App එක හරහා මෙන්ම YouTube වෙබ් අඩවිය හරහා අදාල සේවාවන් භාවිතා කිරීමට හැකියාව ලැබෙන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ YouTube Gaming platform එක හරහා gamers ලා හට තමන්ගේ gaming tutorials, game-play videos වගේම live streaming වලදී chat කිරීමේ පහසුකමත් එකතු කර තිබෙනවා. එමෙන්ම මේ හරහා මුදල් උපයන්නත් හැකියාව ලබා දීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

YouTube සමාගම සඳහන් කරන විදිහට මේ YouTube gaming app එක හරහා දිනකට මිලියන 200 ක් පමණ භාවිතා කරන්නන් game video බලන්නට භාවිතා කරන බවත්, පසුගිය වසර තුලදී පමණක් පැය බිලියන 50 කට අධික කාලයක video නැරඹීමට කටයුතු කර ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

ඉතින් මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න කැමති නම් ඔවුන්ගේ නිළ blog එකෙන් මෙන්ම youtube.com/gaming කියන වෙබ්අඩවිය භාවිතා කරන්න පුළුවන්.