smartphone වෙළඳපොල කියන්නේ දිනෙන් දින දියුණු වෙන හා තරඟකාරී බව වැඩිවෙන වෙළඳපොලක් බව අපි හැමෝම දන්න කාරණයක්.

ඉතින් මේ smartphone වෙලඳපොලේ ඉහළින්‍ රැඳිලා ඉන්න නම් අලුත් අලුත් තාක්ෂණය මුසු කරගෙන නව රැල්ලට ගැලපෙන දේවල් නිතරම නිපදවන්න සිද්ධ වෙන අතර Samsung සමාගම ඒ විදිහේ තීරණයක් අරන් තියෙනවා.

ඒ තීරණය තමයි එයාලගේ අලුත්ම smartphone එක වන Samsung Galaxy A7 (2018)  එකට කැමරා තුනක් එකතු කරන එක. මේ phone එක mid-range smartphone එකක් වන අතර මෙය release කරන්න බළාපොරොත්තු වෙන්නේ Europe හා Asia වල smartphone market එක ඉලක්ක කරගෙනයි.

Samsung Galaxy A7 (2018)

මේ කැමරා තුනට මෙගාපික්සල් 24ක autofocus සහිත කැමරාවක්, bokeh effect එක ලබාගැනීම සඳහා මෙගාපික්සල් 5ක depth lens එකක් හා මෙගාපික්සල් 8ක wide angle lens එකක් අයත් වෙනවා. මේ wide angle lens එකෙන් අංශක 120ක දෘශ්‍ය පරාසයක් කැමරාවට හසු වෙනවා.

මේ camera 3ක module එක හරහා mobile phone එකකින් ලබාගතහැකි සියළුම පරාසයන් වල ඡායාරූප ගැනීමේ හැකියාව ඇති බව Samsung සමාගම පෙන්වා දෙනවා.

එමෙන්ම මෙහි අනෙකුත් specification එක වන්නේ අඟල් 6ක Full HD+ Super AMOLED තිරය, 3,300 mAH බැටරිය, 2.2GHz octa-core chipset එක, 6GB Ram එක හා 128GB internal memory එක වන අතර මෙම දුරකථනය ඔක්තෝම්බර් 11 වෙනි දින නිකුත් කරන බව තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.

මේ වනතුරු කැමරා තුනක් සහිත smartphone එකක් ලෙස ප්‍රසිද්ධියට පත් වුනේ Huawei සමාගමේ P20 Pro දුරකථනය පමණයි. එම දුරකථනය ගැන ගොඩක් සුභවාදී ප්‍රතිචාර ලැබිලා තිබුණු අතර මේ අලුත් දුරකථනය ගැනත් ඒ වගේම හොද ප්‍රතිචාර ලැබෙයි කියලා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා.