පසුගිය දෙසැම්බර් මස 11 වැනි දින YouTube සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ video නිර්මාණකරුවන් විසින් ජාතිකත්වය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගිකත්වය පදනම් කරගෙන එකිනෙකාට අපහාස කිරීම සම්පූර්ණයෙන් තහනම් කරනු ලබන බවයි.

An update to our harassment policy
Over the last several years we have worked to improve the way we manage content on YouTube by quickly removing it when it violates our Comm...

මෙසේ අපහාස කරනු ලබන්නේ ජනප්‍රිය නිර්මාණකරුවෙකු, කීර්තිමත් පුද්ගලයෙකු, දේශපාලනඥයෙකු හෝ වෙනත් මහජන චරිතයක් වුවද මෙම නීතිය එක සේ මේ සියළුම දෙනා හට බළපැවැත්වෙන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

  • මේ වන විට YouTube මත “මම ඔබව මරනවා” වැනි සෘජු තර්ජන තහනම් කර ඇති අතර එයින් අදහස් කරන්නේ යමෙකු සමඟ සාකච්ඡා කරන විට තර්ජනාත්මක ආකාරයෙන් අදාල ප්‍රකාශය ඉදිරිපත් කළ නොහැකි බවයි.

    කොහොම වුණත් දැන් මෙයින් ඔබ්බට ගොස්, වෙනත් ආකාරයේ සංඥාවකින් හෝ ඇඟවීමකින් හෝ තර්ජනයක් සිදු කරන්නේ නම්, ඒවා ද මෙම ඝනයට ඇතුලත් වන බව ඔවුන් පෙන්වා දෙනවා.
  • මේ නව ප්‍රතිපත්තිය යටතේ තනි වීඩියෝ එකක් හරහා තර්ජනාත්මක යමක් ඉදිරිපත් නොවුණත්, වීඩියෝ මාලාවක් හෝ අදාල content creator විසින් ඉදිරිපත් කරනු ලැබූ පසුගිය වීඩියෝ වලින් ඉදිරිපත් කර ඇති අදහස් වලින් වෙනත් කෙනෙකු හිංසනයට පත්වන්නේ නම් හෝ හිංසනය කිරීමට පොළඹවන්නේ නම්, එම content ද ඉවත්කිරීමට කටයුතු කරනු ලබනවා.

    මූලිකව මේ ආකාරයේ වීඩියො හඳුනාගතහොත් අදාල channel එක හරහා මුදල් ඉපැයීමේ හැකියාව අහිමි කරනු ලබන අතර, තවදුරටත් එම කටයුත්ත සිදු කළහොත් එය ඉවත් කර දැමීමට කටයුතු කරනු ලබනවා.
  • ප්‍රතිපත්ති දැන් ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රකාශ කිරීම හෝ ලිංගිකත්වය වැනි දේවල් පදනම් කරගෙන අපහාස කිරීම ද තහනම් කර ඇති අතර මෙම ප්‍රතිපත්තිය සියලුම පුද්ගලයින් හට අදාළ වන බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
  • අවසාන වශයෙන්, YouTube විසින් potentially offensive comments, එහෙමත් නැතිනම් අපහාසාත්මක හෝ අප්‍රසන්න යැයි සිතිය හැකි comments හඳුනා ගැනීමට Artificial Intelligence භාවිතා කරන වැඩසටහනක් හඳුන්වාදීමට කටයුතු කර ඇති අතර මේ හරහා අදාල comments පෙන්වන්නේ ද නැද්ද යන්න නිර්මාණකරුවන් හට තීරණය කිරීමට හැකි ලෙස වෙනම පෙන්වීමට කටයුතු කරනු ලබනවා. මෙම පහසුකම මෙම වසරේ මුල සිට ලබාදීම ආරම්භ කර ඇති බවත් මේ වන විට බොහෝ දෙනෙකුට එම පහසුකම ලැබී ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ YouTube Blog අඩවිය හා  The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.