මේ වන විට Instagram විසින් Instagram Live Producer නම් නව විශේෂාංගයක් හඳුන්වාදී තිබෙනවා.

එමඟින් නිර්මාණකරුවන්ට desktop එක හරහා Instagram වෙත live stream කිරීමට ඉඩ සලසන අතර නිර්මාණකරුවන්ට OBS හෝ Streamlabs වැනි මෘදුකාංග භාවිතයෙන් පහසුවෙන්ම Live stream කිරීමට හැකියාව ලැබේ.

Instagram පරිශීලකයන්ට ඔවුන්ගේ smartphones වලින් Instagram Live ආරම්භ කළ හැකි වු අතර desktop හරහා live stream කිරිමට හැකියාවක් මෙතෙක් නොතිබු නමුත් මේ වන විට Instagram Live Producer නම් මෙම අලුතින් හඳුන්වා දුන් tool එකත් සමඟ Instagram හි අපට Twitch සහ YouTube වැනි අනෙකුත් streaming platforms වල මෙන් Live stream කිරීමට හැකියාව ලැබෙනවා.

මෙම නව පහසුකම මඟින් නිර්මාණකරුවන්ට අවශ්‍යනම් ඔවුන්ගේ live streams සඳහා අමතර කැමරා සහ අමතර microphones භාවිතා කිරීමට ඉඩ ලබා දෙන අතර stream එකට custom graphics, title සහ cards ආදිය එක් කිරීමට අවස්ථාව ලැබේ.

කෙසේ වෙතත් මෙම Instagram Live Producer tool එක සඳහා නිර්දේශිත තාක්ෂණික අවශ්‍යතා සඳහා පහත පරිදී වේ.

Video format‌
  • 9×16 aspect ratio (නිර්දේශකර ඇති අතර අනිවාර්ය නොවේ)
  • Resolution: 720 x 1280
  • Video bitrate range: 2,250-6,000 Kbps
  • 480p @ 30fps, 360p යන resolution සහය දක්වන නමුත් Instagram සමාගම විසින් එය නිර්දේශ නොකරයි.
Audio format
  • Sample rate: 44.1 kHz
  • Channel layout: Stereo
  • Bit rate: up to 256 Kbps

Instagram Live Producer භාවිතා කිරීමට, Instagram.com වෙබ් අඩවියට ගොස් එහි "Add post" button එක මත click කර ඉන්පසු එන dropdown menu එකෙන් “Live” යන්න තෝරා ඉලඟට ඔබට ලැබෙන “Go live” screen එක මඟින් stream එක සඳහා ඔබට අවශ්‍ය title එකක් සහ එය නැරඹීමට අවශ්‍ය audience එක තෝරා “Next” button එක මත click කරන්න.

ඉන්පසුව ඔබට ඔබගේ unique URL එක සහ stream key ලබා ගත හැකි අතර එය ඔබගේ streaming software එකට ලබාදී ඔබට Instagram හරහා stream කිරීමට හැකියාව ලබාදෙයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.