ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයන් මේ වන විට මුහුණ දී දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් එදිනෙදා කටයුතු සඳහා අත්‍යවශය සම්පතක් වන ඉන්ධන ප්‍රමාණවත් පරිදී ගෙන්වා බෙදාහැරීමට ආදාල ආයතන වලට නොහැකි විමෙන් ඉන්ධන පිරවුම්හල් අසල දින ගණන් මිනිසුන් පෝළිම් වල සිටිනවා ඔබ දැක තිබෙනවා ඇති.

මෙම තත්ත්වය තවත් නරක අතට හැරෙන්නේ ශ්‍රී ලංකාවට විදේශ විනිමය සපයන කර්මාන්ත සඳහා අවශ්‍යය ඉන්ධන සැපයුම ද අඩාල වී තව දුරටත් රටට ලැබීමට නියමිත විදේශ විනිමය නොලැබී යාමට ඇති හැකියාව නිසාවෙනුයි.

මේ සඳහා විසඳුමක් ලෙස ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය හරහා ඩොලර් ගෙවිමෙන් ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බවට අපට නිරික්ෂණය වූ අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් විසින් පහත පරිදි කොන්දේසි කිහිපයක්ද පැනවීමට කටයුතු කර තිබෙනවා.

ඩොලර් ගෙවීම මඟින් ඉන්ධන ලබාගත හැකි ආකාරය
  1. ඔබට අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ව්‍යාපාරයක් තිබිය යුතුය වෙනවා
  2. අයදුම්කරු හට අපනයන ක්‍රියාපටිපාටියක් ඇති බව ඔප්පු කළ යුතු වෙනවා
  3. අවම වශයෙන් ඇණවුම් කළ හැකි ප්‍රමාණය ලිටර 6,600කි.
  4. ඩොලර් මඟින් ඔබට මිළදි ගත හැක්කේ Lanka Auto Diesel, Lanka Industrial Kerosene සහ Lanka Fuel Oil පමණයි.
  5. අයදුම්කරු අවම වශයෙන් මාස දෙකක ඉන්ධන අවශ්‍යතාවයන් සඳහා ගෙවීම් සිදු කළ යුතුය.
  6. අවම වශයෙන් ලිටර 6,600ක පැටවුම් දෙකක් සඳහා අවම වශයේන ගෙවීම් සිදු කළ යුතුය.
  7. එමෙන්ම ඔබ විසින් ලිටර 6,600ක පැටවුම් දෙකකට පමණක් මුදල් ගෙවන්නේ නම්, පළමු මාසයේ එක් ලෝඩ් එකක් ලබා දෙන අතර ඊළඟ මාසයේ දෙවන ලෝඩ් එක ලබා දෙනු ඇත.
  8. Ceypetco වෙබ් අඩවිය මඟින් පළ කර ඇති මාර්ගෝපදේශ අනුව ටැංකි ස්ථාපනය සිදු කළ යුතුය (අදාල අවශ්‍යයතා පහත සඳහන් කර ඇත).
  9. ටැංකි සවි කිරීමෙන් අනතුරුව සම්පූර්ණ කරන ලද අයදුම්පත, request letter එක, business registration එක සහ අපනයන පිළිබඳව තොරතුරු සමඟින් Ceypetco ආයතනයට බාර දිය යුතුය
  10. Ceypetco ආයතනයේ නිළධාරීන් විසින් අදාල ටැංකි පද්ධතිය අනෙකුත් දෑ පරීක්ෂා කිරීමට කටයුතු කරනු ඇත.
  11. අදාල යටිතල පහසුකම් පරීක්ෂා කර තහවුරු කිරීමෙන් අනතුරුව එම ආයතනය සඳහා ගිණුම් අංකයක් සහිත appointment letter එකක් සහ e-banking සඳහා වන ගිණුම් අංකයක් ලබාදීමට කටයුතු කරනු ලබනවා.
  12. අදාල පාරිභෝගිකයා e-banking හරහා ගෙවීම් සිඳු කළ යුතු අතර Ceylon Petroleum Storage Terminals Limited ආයතනයට අදාල ඇණවුම බාර දිය යුතුය.‌‌
ටැංකි පද්ධතිය සහ යටිතල පහසුකම් සඳහා වන උපදෙස්

මේ සඳහා අවශ්‍ය කරන සම්පුර්ණ විස්තර සහ පාරිභෝගිකයන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිබදව සියලුම විස්තර සහ අදාල දුරකථන අංක ඔවුන්ගේ නිළ වෙබ් අඩවියේ පළ කර ඇති අතර ඔබ මේ පිළිබදව උනන්දුවක් දක්වන්නේ නම් එම වෙබ් අඩවිය පරිශිලනය කරන ලෙස අප නිර්දේශ කර සිටිනවා.

USD Consumer Online Registration – CEYPETCO