WhatsApp විසින් මාස කිහිපයකට පෙර emoji reactions පහසුකම ලබාදුන් අතර එමඟින් WhatsApp ආයතනය විසින් ලබා දි තිබු emoji හයෙන් ඔබ තොරාගත් emoji එකක් භාවිතයෙන් පණිවිඩ වලට react කිරීමට හැකියාව ලබාදී තිබුණා.

Facebook හි CEO වන Mark Zuckerberg විසින් මිට පැය කිහිපයකට පෙර Facebook හි සටහනක් මඟින් දක්වා ඇත්තේ WhatsApp ඔබ කැමති ඕනෑම emoji එකකක් භාවිතා කර පණිවිඩ වලට react කිරීමට හැකියාව ලබාදි මේ වන විට ලබා දී ඇති බවයි.

ඒ අනුව ඔබට WhatsApp පණිවිඩයකට react කිරිම සඳහා message එකක් මත long press කර ඉන්පසුව පැමිණෙන ප්‍රධාන emoji reaction හයට අමතරව ඔබට දැක ගැනීමට ලැබෙන "+" button එක click කිරිම මඟින් ඔබට අවශ්‍ය emoji reaction එක තේරිමට හැකියාව ලැබෙනවා.

කෙසේ වෙතත් තවමත් මෙය සිමිත ජංගම දුරකථන කිහිපයක පමණක් නිවරදිව ක්‍රියාත්මතක වන අතර නොඳුරු අනාගතයේදිම සැමදෙනාමට මෙම පහසුකම නොමිලේම අත්විදිමට හැකියාව ලැබෙනවා.‌

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Engadgetවෙබ් අඩවිය සහ Tech Advisorවෙබ් අඩවිය භාවිතා කළ හැක.