Xiaomi සමාගම විසින් මේ වන තෙක් නිකුත් කරන ලද Power Banks අතරින් විශාලතම Power Bank එක වන්නේ මෙම 30,000mAh Power bank එකයි.

මෙමඟින් 4780mAh බැටරියක් ඇති Mi 10 දුරකථනයක් 4.5 වතාවක් හා 1821mAh වැනි කුඩා බැටරියක් ඇති iPhone SE වැනි ජංගම දුරකථනයක් 10 වතාවක් පමණ charge කරගැනීමට හැකියාව ලැබෙනවා.

මෙය USB A port දෙකක් හා එක් USB C port එකකුත්, එක් Micro USB port එකකිනුත් සමන්විත වන අතර USB A හා C Port වලින් 18W තරම් වේගයකින් දුරකථනය charge කර ගැනීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම අනෙක් අතට මෙම Power Bank එකද USB C port එක ඔස්සේ 24W ක වේගයෙන් charge කරගත හැකි අතර ඔබ සතුව Xiaomi විසින් මෑතක නිකුත් කල 30W fast Charging Adaptor එක ඇතිනම්, මෙය  පැය 7.5 ක් ඇතුලත 100% ක් දක්වා charge කරගැනීමට හැකියාව ද ඇති බව Xiaomi සමාගම පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Gadgets 360 වෙබ් අඩවිය භාවිතා කළ හැක.