OnePlus ආයතනය විසින් පසුගිය සැප්තැම්බර් මාසයේදී අඟල් 55 4K QLED display එකක් සහිත Smart TV එකක් ඉන්දියානු රුපියල් 69,990ක් ($1,000) සහ 99,990 ($1,500) පමණ මුදලකට නිකුත් කරනු ලැබූ බව ඔබ දැනටමත් දන්නවා ඇති.

OnePlus TV is a 55-inch 4K QLED TV powered by Android with Google Assistant and Alexa support.
The TV is debuting in India first and goes on sale September 28 starting at INR 69,900.

මේ වන විට OnePlus සමාගමේ CEO වන Pete Lau විසින් Tweet පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ ජුලි 2 වැනි දින ඔවුන්ගේ මීළඟ premium smart TV එක ඉන්දියාව සඳහා එළිදැක්වීමට කටයුතු කරනු ලබන බවයි.

මෙහි “Smarter TV. Smarter Price” යනුවෙන් සඳහන් වීම නිසාම බොහෝ දුරට මෙම Smart TV අපට අඩු මිල ගණන් යටතේ මිලදීගැනීමට හැකියාව ලැබෙනු ඇති බව අනුමාන කෙරෙනවා.

Economic Times වෙබ් අඩවියට අනුව OnePlus සමාගම විසින් නිකුත් කිරීමට නියමිත මෙහි entry-level TV එකක මිල ඉන්දියානු රුපියල් 15,000 ($200) සිට ආරම්භ වනු ඇති අතර ඉන්දියානු රුපියල් 20,000 සිට 40,000 දක්වා මිල කින් යුතු mid-range series එකක් ගැනත් එහි තව දුරටත් සඳහන් වෙනවා.

මීට පෙර නිකුත් කෙරුණු සාමාන්‍ය OnePlus TV Q1 එකක් ඉන්දියානු රුපියල් 70,000 කින් මිල ආරම්භ වූ අතර එහි Pro model එක දළ වශයෙන් ඉන්දියානු රුපියල් 100,000 ක් පමණ වූ නමුත් මේ අලුත් TV එක සාමාන්‍යය පුද්ගලයින් හට දැරිය හැකි මිලක් යටතේ වෙළඳපොලට නිකුත් කරනු ඇත.

කෙසේ වෙතත් අපට මෙම TV එක ගැන වැඩි විස්තර දැන ගැනිම සඳහා තවත් මසකට ආසන්න කාලයක් බලා සිටිමට සිදු වෙනවා.

මේ පිළීබද වැඩි විස්තර දැන ගැනිම සදහා XDA Developers වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය සහ Economic Times වෙබ් අඩවිය භාවිතා කර හැකිය