පසුගිය 01 වෙනි දා චීනයේ දී එළිදැක්වීමට නියමිත ව තිබු Xiaomi සමාගමේ latest flagship lineup එක සහ MIUI 14 launching event එක කල් දැමීමට එම ආයතනය මේ වනවිට තීරණය කර තිබෙනවා.

Xiaomi සමාගම විසින් මෑතකදි මේ පිළිබඳව වාර්තා කරමින් weibo සමාජ ජාලය හරහා නිවේදනයක් නිකුත් කර තිබූ අතර මේ හරහා ඔවුන් විසින් මෙම launching event එක දින නියමයකින් තොරව කල් දැමීමට සිදු වී ඇති බවට තහවුරු කර තිබෙනවා.

කෙසේ වෙතත් එම සමාගම විසින් මේ පිළිබඳව කිසිදු හේතුවක් සඳහන් කර නොමැති නමුත් හිටපු චීන ජනපතිවරයා වන Jiang Zemin මහතාගේ හදිසි අභාවය මෙය කල්දැමීමට හේතුව විය හැකි බව විදෙස් මාධ්‍යය අනුමාන කරනවා. මීට අමතරව ඉදිරි දිනයකදි Xiaomi ආයතනය විසින් මෙම launching event එක එළිදැක්වීමට නියමිත දිනය පිළිබඳව වාර්තා කිරිමට කටයුතු කරන බවට වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මීට අමතරව Qualcomm සමාගමේ Snapdragon 8 Gen 2 chipset එක මඟින් බලගැන්වෙන පළමු smartphone devices වලින් එකක් ලෙස Xiaomi 13 series එක අපේක්ෂා කලහැකි නමුත් විශේෂයෙන් මෙම launch එක චීන වෙළෙඳපොල ඉලක්ක කරගනිමින් මුලින් ලබාදීමට කටයුතු කරන බවට තොරතුරු වාර්තා වි තිබෙනවා.

කෙසේ නමුත් මේ මස අවසානයට පෙර හෝ ලබන වසරේ ආරම්භයත් සමග මෙම launching event එක පැවැත්වීමට කටයුුතු කරනු ඇති බව විදෙස් මාධ්‍යන් විසින් ඉඟි පළ කරනු ලබනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Androidpolice වෙබ් අඩවිය, Notebookcheck වෙබ් අඩවිය සහ Beebom වෙබ් අඩවිය භාවිතා කළ හැක.