Xiaomi සමාගම විසින් ඔවුන්ගේ නවතම flagship lineup එක වන Xiaomi 13 smartphone series එක එළිදැක්වීමට නියමිත දිනය නිළ වශයෙන් නිවේදනය කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි දෙසැම්බර් මස 01 වන දින චීනයේදි ඔවුන්ගේ මෙම එළීදැක්වීමේ කටයුතු සිදු කිරිමට නියමිත බවට weibo සමාජ ජාලය හරහා නිවේදනයක් නිකුත් කර තිබූ අතර මීට අමතරව මේ වනවිට ඔවුන්ගේ නවතම Xiaomi 13 line-up එක සහ MIUI 14 ඇතුළු තවත් devices කිහිපයක් මෙහිදී එළිදැක්වීමටද නියමිත බවට Xiaomi සමාගම විසින් නිවේදනය කර තිබෙනවා.

කොහොම නමුත් Xiaomi සමාගමේ මෙම flagship lineup එක පිළිබඳව teaser කිහිපයක් අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙන අතර මේ හරහා ඔවුන්ගේ නවතම Xiaomi 13 series එක සඳහා flat display එකක් සමගින් selfie camera එක සඳහා centered hole-punch cutout එකක්, asymmetrical bezels සහ 93.3% ක screen-to-body ratio එකක් මෙන්ම, මෙම දුරකතනයේ ඝනකම 71.5mm කින් සමන්විත බවටද වාර්තා වෙනවා.

එමෙන්ම Xiaomi සමාගමේ CEO වන Lei Jun මහතා විසින් ඔවුන්ගේ Xiaomi 13 series එක straight සහ පහසුවෙන් අත්ල මත රඳවා ගත හැකි වන පරිදි quad-curved back panel එකකින් සමන්විත වන බවට මෙන්ම IP68 dust and water resistance සහතික කිරීමද ලබාදී ඇති බවට හෙළි කර තිබෙනවා.

මීට පෙර Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Xiaomi 13 series එක Qualcomm සමාගමේ latest Snapdragon 8 Gen 2 SoC එක සමගින් නිකුත් කිරිමට සැලසුම් කර තිබූ බවටත් වාර්තා වූ නමුත් Xiaomi සමාගම විසින් Xiaomi 13 series එකෙහි වැඩිදුර hardware specifications පිළිබඳව සඳහන් කර නොමැති අතර Xiaomi සමාගම විසින් Leica සමාගම සමඟ එක්ව මේ වනවිට ඔවුන්ගේ නවතම smartphone series එක සඳහා camera improvements කෙරෙහි කටයුතු කරමින් සිටින බවටද තහවුරු වී තිබෙනවා.

එමෙන්ම මෙම Xiaomi 13 series එක සඳහා MIUI 14 සමගින් වඩාත් ඵළදායී fast charging සහාය ලබාදීම පිළිබඳව ද අවධානය යොමු කිරීමට එම සමාගම විසින් කටයුතු කර තිබෙන අතර ඔවුන්ගේ Xiaomi 13 series එක යටතේ Xiaomi 13 සහ Xiaomi 13 Pro smartphone මාදිලි සමඟින් Android 13 ලබාදෙනු ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Xda-Developers වෙබ් අඩවිය සහ Beebom වෙබ් අඩවිය භාවිතා කළ හැක.