Google යන නම කියූ සැනින් අපේ මතකයට එන්නේ Serach Engine එකක් උනත් Alphabet සමාගම යටතේ පවතින Google ආයතනය විවිධ සේවාවන් සපයන ඇමරිකාවේ California වල පිහිටි Big Tech Company එකක් කිවහොත් නිවැරදියි.
Google සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරන විවිධ events හරහා ඔවුන්ගේ සේවාවන් පිළිබඳව තාක්ෂණික මෙන්ම භාවිතා කිරීමේ දැනුම ලබා දීමට කටයුතු කරන බව අප දැනටමත් දනිමු. එසේම සෑම රටකම පාහේ Google සමාගමේ සේවාවන් පිළිබඳ ඇල්මක් දක්වන Developers ලට සහයක් වීමට Google Developer Groups (GDG) නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. මේ හරහා local developers ලා හට එක්ව තම හැකියාවන්, දැනුම මෙන්ම අත්දැකීම්ද හුවමාරු කර ගැනීමට පුළුවන් වනවා.
DevFest යනුවෙන්ද හඳුන්වන්නේ Google සමාගමේ සහාය ඇතිව local developer groups විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන event එකක්. මෙමඟින් විවිධ ක්ෂේත්‍ර හරහා developers ලා හට ඔවුන්ගේ ගැටළු සහ දැනුම හුවමාරු කර ගැනීමේ හැකියාව ලැබෙන අතර Google's developer tools පිළිබඳවද නිවැරදි අවබෝධයක් ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා.

අවසන් වරට මෙවන් උළෙලක් ශ්‍රී ලංකාවේ 2019 වර්ෂයේදී පැවැත්වුවත් Covid වසංගත තත්ත්වය හේතුවෙන් physical event එකක් වාර්ෂිකව සංවිධානය කිරීමට නොහැකි වනවා. කෙසේ වෙතත් 2022 වර්ෂයේදී DevFest උළෙල පැවැත්වීමට Google Developers Sri Lanka එසේත් නැතිනම් GDG Sri Lanka විසින් කටයුතු කර තිබෙනවා.
Save your dates to join us physically this time with GDG DevFest Sri Lanka 2022! #googledevelopers #DevFest2022 #DevFest #GDG #GDGLK #gdgcloud #GDGCloudSL #WTM #wtmsl https://t.co/veMfBgwAhi pic.twitter.com/EQnKURG51g
— GDG Sri Lanka (@GDGLK) November 15, 2022
දින දෙකකින් සමන්විත මෙවර DevFest උළෙල දෙසැම්බර් මස 10 සහ 11 යන දෙදින තුළ කොළඹ මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙන අතර මේ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව දෙසැම්බර් 1 වනදා දක්වා පවතිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා DevFest Sri Lanka වෙබ් අඩවිය සහ GDG Sri Lanka Facebook ඵිටුව භාවිතා කළ හැක.