ලොව මෙතෙක් නිෂ්පාදනය කර ඇති විශාලතම ගුවන් යානය ඊයේ දිනයේදී ප්‍රථම වතාවට ගුවන් ගත කිරීමට Stratolaunch ආයතනය කටයුතු කළ බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

මෙම ගුවන්යානය රොකට් යානාවන් ගුවනට රැගෙන යාම සඳහා විශේෂයෙන් නිෂ්පාදනය කර ඇති අතර ටොන් 250ක් පමණ බරකින් යුතු වෙන බව වාර්ථා වෙනවා. එමෙන්ම මෙම ගුවන්යානයේ wingspan එක, එනම් තටු අතර පරතරය මීටර් 117ක් පමණ වන බව වාර්ථා වෙනවා.

අප්‍රේල් මස 13 වැනි දින, එනම් ඊයේ දිනයේ Mojave වල තිබෙන ගුවන් පථයකින් ඔවුන්ගේ වේලාවෙන් උදෑසට 10ට පමණ ගුවන්ගත කිරීමට කටයුතු කර ඇති මෙම ගුවන්යානය අඩි 35,000ක පමණ උසකට ගෙන යෑමේ හැකියාව තිබෙනවා.

මෙවැනි උසකට රොකට් යානාවන් ගෙන ගොස් ගුවනේදී එම රොකට් launch කිරීම සඳහා මෙය විශේෂයෙන් නිර්මාණය කර තිබුණත්, පළමු ගුවන් ගමනේදී කිසිඳු රොකට් යානයක් මෙයට අනතර්ගත කිරීමට ඔවුන් කටයුතු කර තිබුණේ නැහැ.

මේ Roc ගුවන්යානය ගුවන්ගත කිරීමෙන් අනතුරුව අඩි 17,000ක පමණ උසකට යෑමටත්, පැයට කිලෝමීටර 304ක පමණ උපරිම වේගයක් ද වාර්ථා කර පැය දෙක හමාරක පමණ ගුවන් කාළයක් වාර්ථා කළ බව ද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

Roc ගුවන්යානයේ performance සහ handling පිළිබඳ ගුවන්යානා නියමුවන් හට අවබෝධයක් ලබාගැනීම සඳහා මෙම ගුවන්ගත කිරීම සිදු කර ඇති අතර නැවතත් ආරක්ෂිතව Mojave Air and Space Port එකට සාර්ථකව ගොඩබැසීමට මොවුන්ට හැකියාව ලැබී තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, CNBC වෙබ් අඩවිය හා Space.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.