මේ වන විට Facebook, Messenger, Instagram සහ WhatsApp යන Facebook සමාගමට අයත් Social Networking platform 4 ම බිඳවැටීමට පත් වී ඇති බව ලොව පුරා සිටින පරිශීලකයින් විසින් වාර්ථා කරනු ලබනවා.

ඇතැම් පරිශීලකයින් හට Facebook App එකෙහෙි News feed එකෙහි ගැටළු ඇති වී ඇති අතර Facebook.com යන ප්‍රධාන domain name එක හරහා Facebook වෙබ් අඩවිය වෙත ළඟා වීමේ හැකියාව ද මේ වන විට බිඳ වැටී තිබෙනවා.

මීට අමතරව WhatsApp හා Messenger යන සේවාවන් හරහා messages යැවීමේදී හා ලැබීමේදී ද යම්කිසි ප්‍රමාද වීමේ තත්ත්වයක් පවතින බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

downdetector.com වෙබ් අඩවිය පෙන්වා දෙන ආකාරයට ඇමෙරිකාවේ නැගෙනහිර ප්‍රදේශයට මෙන්ම යුරෝපයට මෙම තත්ත්වය වැඩි වශයෙන් බළපැවැත්වෙන අතර ඇමෙරිකානු වේලාවෙන් උදෑසන 6:30ට පමණ මෙම තත්ත්වය ආරම්භ වී ඇති බව වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Reuters වෙබ් අඩවිය භාවිතා කළ හැක.