2019 වර්ෂයේදී පැවැත්වුණු Pwn2Own event එක අතරතුරදී Tesla මෝටර් රථයක් සහ තවත් software මෙන්ම සේවාවන් රාශියක් hack කිරීමට සමත් වූ අතර, ඒ පිළිබඳව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Tesla මෝටර් රථයක්, Mozilla Firefox සහ Microsoft Edge යන Web Browsers Pwn2Own අතරතුරදී Hack කරයි
Pwn2Own [https://en.wikipedia.org/wiki/Pwn2Own] කියන්නේ 2007 වර්ෂයේ පටන් මේදක්වා වාර්ශිකව පවත්වනු ලබන hacking contest එකක්. මේ contest එකට ලොව නන් දෙසින්හැකර්වරුන් සහභාගී වන අතර, විවිධ මෘදුකාංග මෙන්ම විවිධ devices hack කිරීම වෙනුවෙන්මෙහිදී ත්‍යාග ප්‍රධානය කරනු ලබනවා. ඉතින් මෙවර පැවති Pwn2Own con…

පසුගිය අප්‍රේල් 8 වැනි දින 2021 වර්ෂය සඳහා වන Pwn2Own event එක පැවැත්වීමට කටයුතු කළ අතර, එහිදී Windows 10, Ubuntu Desktop operating system එක, Apple Safari මෙන්ම Microsoft Exchange, Microsoft Teams, Zoom වැනි සේවාවන් ද හැකර්වරුන් විසින් hack කිරීමට සමත් වී තිබෙනවා.

දින තුනක් තිස්සේ පැවැත්වුණු මෙම event එක අවසානයේදී හැකර්වරුන් 16 දෙනෙකු හට ඇමෙරිකානු ඩොළර් මිලියන 1.2ක මුදලක් ලබාදීමට, මෙම event එක සංවිධානය කළ Zero Day Initiative (ZDI) ආයතනය විසින් කටයුතු කර තිබෙනවා.

Zero Day Initiative — Pwn2Own 2021 - Schedule and Live Results
Welcome to Pwn2Own 2021! This year, we’re distributed amongst various locations to run the contest, but we’ll be bringing you all of the results live from Austin with love. This year’s event is shaping up to be one of the largest in Pwn2Own history, with 23 separate entries targeting 10 different pr

මෙහිදී හඳුනා‍ගැනෙනු ලැබෙන දුර්වලතා patch කිරීම සඳහා අදාල සමාගම් වලට දින 90ක කාලසීමාවක් ලැබෙන අතර, ඉන් අනතුරුව ඒ පිළිබඳව වන තොරතුරු ප්‍රසිද්ධ කිරීමට මොවුන් කටයුතු කරනු ලබනවා.

මීට අමතරව Pwn2Own event එකේ ඉතිහාසයේ පළමු වතාවට කාන්තා හැකර්වරියක් විසින් ජයග්‍රහණයක් ලබාගැනීමට සමත්වීම විශේෂ සිදුවීමක් වූ අතර, Alisa Esage නම් වූ මෙම කාන්තාව විසින් Parallels virtualization software එකට අදාල bug එකක් අනාවරණය කිරීමට සමත්වී තිබුණා.

කොහොම නමුත් අදාල දුර්වලතාවය event එක පැවැත්වීමට පෙර ZDI ආයතනයට report කර තිබූ bug එකක් නිසාවෙන් ඇයට හිමි වූයේ අදාල ත්‍යාග මුදලින් කොටසක් පමණක් වන බවත්, ඒ සඳහා ඇය තමන්ගේ නොසතුටට පළ කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Hacker News වෙබ් අඩවිය සහ නිළ ZDI වෙබ් අඩවිය භාවිතා කළ හැක.