Samsung සමාගම විසින් 2021 වර්ෂයේ ජනවාරි මස 14 වැනි දින මෙම වසරට අදාල පළමුවැනි Galaxy Unpacked event එක පැවැත්වීමට කටයුතු කරනු ලැබූ අතර, මාර්තු 17 වැනි දින නැවත වරක් Galaxy Unpacked event එකක් පැවැත්වීමට ද කටයුතු කරනු ලැබුවා.

මේ වන විට මෙම වසරේ තෙවන වරටත් Galaxy Unpacked event එකක් සංවිධානය කිරීමට Samsung සමාගම කටයුතු කර ඇති අතර, මේ අනුව අප්‍රේල් මස 28 වැනි දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7:30ට මෙම event එක සජීවීව විකාශය කිරීමට සැළසුම් කර තිබෙනවා.

මෙහි tagline එක "the most powerful Galaxy is coming." ලෙස ඉදිරිපත් කර ඇති අතර, බොහෝ දෙනා අනුමාන කරන්නේ මෙම event එක අතරතුරදී Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම foldable device එක හෝ Galaxy Tab S8 series එක හඳුන්වාදීමට කටයුතු කරනු ඇති බවයි.

කොහොම නමුත් තවත් පිරිසක් අනුමාන කරන්නේ Galaxy Book Pro සහ, Galaxy Book Pro 360 යන Notebook පරිගණක මේ event එක අතරතුරදී එළිදක්වනු ඇති බවයි. මෙලෙස අනුමාන කිරීමට ප්‍රධානතම සාධකය වන්නේ Galaxy Book notebooks Core i5 හෝ Core i7 processors වලින් බළගැන්වෙනු ඇති බව සහ 5G connectivity එක සමඟින් එළිදැක්වීමට කටයුතු කරනු ලැබීමයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Samsung Newsroom වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.