Windows 95 දැන් app එකක් වශයෙන් Linux, Mac සහ Windows වලදී භාවිතා කළ හැකි වේ

කතුවරයා
Kasun Jayarathna
Save කරන්න
Share කරන්න

    බොහෝ වෙලාවට මේ news එක කියවන බොහෝ දෙනෙක් Windows 95 කියන මෙහෙයුම් පද්ධතිය එදිනෙදා භාවිතා කරන්නට අවස්ථාවක් නොලැබුණු අය වෙන්නට බොහෝ ඉඩක් තිබෙනවා.

    කොහොම නමුත් ඔන්න දැන් මේ Windows 95 OS එක Windows, Linux සහ Mac system වල install කරලා භාවිතා කරන්න පුළුවන් විදිහේ app එකක් ආකාරයට නිර්මාණය කරලා තියනවා.

    windows-95-is-now-available-on-linux-mac-and-windows-as-an-electron-app-tech-news-sri-lanka

    GitHub එකට අයිති වෙන Electron කියන framework එක තමයි මේ app එක නිර්මාණය කරන්න භාවිතා කරලා තියෙන්නේ. Cross-platform apps, ඒ කියන්නේ එක පාරක් code කලාම, ගොඩක් platform වල භාවිතා කරන්න පුළුවන් විදිහේ apps නිර්මාණය කරන්න මේ electron framework එක හරහා අපිට අවස්ථාව ලැබෙනවා.

    WhatsApp, Skype වගේම Visual Studio Code වගේ ප්‍රසිද්ධ apps නිර්මාණය කරන්නත් මේ Electron framework එක භාවිතා කරලා තියනවා.

    windows-95-is-now-available-on-linux-mac-and-windows-tech-news-sinhala

    ඉතින් මේ app එකේ නිර්මාතෘවරයා කියන විදිහට ඔයා මොන මෙහෙයුම් පද්ධතියක් භාවිතා කලත්, මේ Electron app එක install කරගැනීමෙන් පසුව අපිට Windows 95 වල සම්පූර්ණ අත්දැකීමක් විඳගන්න පුළුවන් වෙනවා.

    මේ හරහා ඔයාගේ ප්‍රියතම DOS Game එක වුණත් ආයෙත් සැරයක් play කරලා බලන්න ඔයාට අවස්ථාව ලැබෙනවා.

    ඉතින් ඔයත් කැමතියි නම් මේ Windows 95 තිබුණු කාලෙට ආපහු ගිහින් ඒ හැඟීම ආයෙත් පාරක් විඳලා බලන්න, මේ GitHub Page එක හරහා ඔයාගේ operating system එකට ගැලපෙන file එක තෝරගෙන install කරලා බලන්න.