පෞද්ගලික දත්ත යනු මේ කාලයේ ඉතාමත් වටිනා දෙයක් බවට පත් වෙලා. පෞද්ගලික දත්ත ඉලක්ක කරගෙන් සිදුවන හැකිං ප්‍රහාරයන් දිනෙන් දින ඉහළ යාමත් සමග පෞද්ගලික දත්ත එක්ක වැඩ කරන සමාගම් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබදව මේ වන විට වැඩි වැඩියෙන් සිතන්නට පටන් අරන් තියනවා.

ලෝකයේ මිලියන 120ක් පමණ වූ පරිශීලකයන්ගේ දත්ත සොරාගෙන වෙනත් කටයුතු සදහා යොදාගත් Cambridge Analytica සමාගමේ ඉලක්කය වූයේ ෆේස්බුක් සමාජ ජාලයයි. එම දත්ත සොරාගැනීමෙන් අනතුරුව ෆේස්බුක් ජාලය සිය දත්ත පද්ධති වල ආරක්ෂාව තර කළ අතර නැවත නැවතත් එවැනි දත්ත සොරාගැනීමට හැකි විවරයන් ෆේස්බුක් තුළ පවතින්නේද යන්න සොයා බලන්නටත් Facebook සමාගම කටයුතු කළා.

Facebook-bans-mypersonality-tech-news-sri-lanka

එම සොයාබැලිම් වලදී Cambridge Analytica තරම් නොවුණත් තවත් මහා පරිමාණයෙන් පෞද්ගලික දත්ත අවභාවිතයට ගන්නා ඇප් එකක් පිළිබදව තොරතුරු අනාවරණය කරගැනීමට Facebook සමාගමට හැකියාව ලැබුණා. එය නමින් "MyPersonality" ලෙසින් නම් කර ඇති අතර, Facebook පරිශීලකයින් මිලියන 4කට වැඩි පිරිසක් එම ඇප් එක හරහා ඔවුන්ගේ පෞද්ගලික දත්ත හුවමාරු කරගෙන තිබුණා.

මේ myPersonality කියන app එක නිර්මාණය කරන්නේ Cambridge Psychometrics Centre එක විසින් වන අතර එ් හරහා ලබාගත් දත්ත 2007 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා විවිධ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් භාවිතා කරන්නට අදාල ආයතනය කටයුතු කර තිබෙනවා.

myPersonality-data-set-available-on-github-tech-news-sinhala

එමෙන්ම වෙනත් අධ්‍යාපනික ආයතන වලට අවශ්‍යය නම් මොවුන්ගෙන් එම දත්ත ලබා ගැනීමටද අවස්ථාව ඔවුන් උදා කර දී තිබූ අතර, පසුගිය මැයි මාසයේදී හදිසියේම මෙම දත්ත සියළුම දෙනාට Download කරගතහැකි ලෙස GitHub එකට upload කිරීමට කිසිවෙකු විසින් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මෙම ඇප් එක අද දිනයේදී අක්‍රීය කර දැමූ අතර මේ වසර තුළ මෙවැනි ඇප් 400ක් පමණ ඉවත් කර තිබෙන බව ෆේස්බුක් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.