Windows 10 version 2004 update එකෙහි ඇතුලත් වන නවතම විශේෂාංග පිළිබඳව මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළ බව මතක ඇති.

Windows 10 2004 (May 2020) update එක සමඟින් එන නවතම පහසුකම් ගැන දැනගනිමු
Windows 10 2004 update හෝ Windows 10 May 2020 update ලෙස හදුන්වන මෙම update එකමූලිකව පසුගිය මැයි මස 27 වැනි දින නිකුත් කිරීමට Microsoft සමාගම කටයුතු කලත්, එහිවූ ගැටළු කිහිපයක් නිසා මෙය තාවකාලිකව නැවැත්වීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා. කොහොම නමුත් මේ වන විට එම තත්ත්වය මඟහරවා ගනිමින් මේ update එක නැවත…

කොහොම නමුත් මේ update එකත් සමඟින් Google Chrome පරිශීලකයින් හට ගැටළු කිහිපයකට මුහුණදීමට සිදු වුණු බව ලොව පුරා විසිරී සිටින Chrome භාවිතා කරන්නන් විසින් වාර්ථා කර ඇති අතර, ප්‍රධානතම ගැටළුව වන්නේ Windows restart කරනු ලබන සෑම අවස්ථාවකදීම Chrome Browser එක හරහා login වී සිටි වෙබ් අඩවි සියල්ලකගෙන් ම logout වීමයි.

සරලවම කිවහොත්, ඔබ Windows වෙත login වූ පසු, Google Chrome භාවිතා කරන්නේ නම් ඔබ භාවිතා කරනු ලබන සියලුම වෙබ් අඩවි වලට නැවතත් sign in විය යුතු වන අතර යම්කිසි හේතුවක් නිසා මෙම update එක මඟින් මේ browser එකට සියළුම වෙබ් අඩවි වලින් logout වන ලෙස, එහෙමත් නැතිනම් ඊට අදාල cookies clear කරන ලෙස බළ කරනු ලබන බව Softpedia වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

ඇතැම් අවස්ථා වලදී වෙබ් අඩවි වල passwords ද මෙලෙස අමතක වී ඇති අතර, ඇතැම් පරිශීලකයින් පෙන්වා දෙන්නේ මෙම ගැටළුව ඇතිවන්නේ පරිගණකය restart කිරීමේදී මිස browser එක restart කිරීමේදී නොවන බවයි.

Neowin වෙබ් අඩවිය වාර්ථා කරන ආකාරයට, මෙම ගැටළුව මින් පෙර Microsoft සමාගම වෙත වාර්තා කර ඇති නමුත් Microsoft සමාගම විසින් එය නොසලකා ඇති බවයි.

Credits: neowin.net

ඔබට තවමත් මේ Windows 10 2004 update එක ලැබී නොමැති නම් සහ එය දැනට install වීම තාවකාලිකව නැවැත්වීම සඳහා පහත පියවර අනුගමනය කළ හැකිය.

  • Start Menu > Settings > Update and Security > Windows Update > Advanced options වෙත යන්න
  • "Choose when updates are installed" යටතේ මේ update එක ස්ථාපනය වන දිනය කල් දැමීමට අවශ්‍ය දින ගණන තෝරන්න

කොහොම නමුත් Google සමාගම විසින් අප්‍රේල් මස සිට මෙම ගැටළුව පිළිබඳව දැනුවත් වී ඇති අතර ඒ සඳහා විසඳුමක් ලබාදීම වෙනුවෙන් Google සමාගම සහ Microsoft සමාගම මේ වන විට වැඩ කරමින් සිටින නමුත් එය නිරාකරණය වන දිනවකවානු පිළිබඳව ප්‍රකාශ කිරීමට දැනට නිළ වශයෙන් තොරතුරක් වාර්ථා වන්නේ නැහැ.

මේ ගැටළුවට අමතරව වෙනත් bugs කිහිපයක්ද හඳුනා ගැනීමට හැකිවී ඇති අතර එම bugs ද හැකි ඉක්මනින් fix කිරිමට Microsoft සමාගම ඉදිරියේදී කටයුතු කරනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය, Neowin වෙබ් අඩවිය සහ Windows Central වෙබ් අඩවිය භාවිතා කළ හැක