මේ දින වල පැතිරී යන COVID-19 වසංගත තත්වය හේතුවෙන් බොහෝ දෙනා තමන්නේ අධ්‍යාපන හා ව්‍යාපාර කටයුතු සඳහා video conferencing platforms භාවිතා කිරීමට යොමු වී ඇති අතර බොහෝ දෙනක් Google සමාගම විසින් ලබා දී ඇති Google Meet video conferencing platforms එක දැනටමත් භාවිතයට ගනු ලබනවා.

Google සමාගම විසින් දින කිහිපයක‍ට පෙර Gmail Inbox එක හරහා ම Google Meet සඳහා සම්බන්ධ වීමේ හැකියාව ලබා දුන් අතර අපි ඔබව මීට පෙර අවස්ථාවකදී ඒ පිළිබදව දැනුවත් කළා මතක ඇති.

Zoom පරදවන්න, Google Meet දැන් ඔබේ Gmail Inbox එක හරහා ම ලබාදීමට Google සමාගම කටයුතු කරයි
Google සමාගම තම සාමන්‍ය පාරිභෝගිකයන්ට මෙතෙක් කල් ලබා නොදුන්, G suite සහEducation පාරිභෝගිකයන්ට පමණක් ලබාදුන් Meet සේවාව පසුගිය සතියේ සිට සියලුම Gmailභාවිතා කරන්නන් හට enable කරන ලද බව අපි ඔබව මීට පෙර දැනුවත්කළා මතක ඇති. මේ අතර Meeting එකට සම්බන්ධ වන්නන්ගේ ප්‍රමාණය 100 දෙනෙක් දක්වා ද, meeting එකක…

මේ වන විට වාර්ථා වන අන්දමට Gmail Android සහ iOS apps සඳහා “Meet” යනුවෙන් විශේෂිත tab එකක් එකතු කිරීම‍‍ට Google සමාගම සූදානම් වන අතර මෙමඟින් ඉක්මනින්ම Gmail app එක හරහා ම Google Meet හා සම්බන්ධ වීමේ හැකියාව ලබාදිමට සුදානම් වන බව වාර්ථා වෙනවා.

View post on imgur.com

මෙමඟින් යම් පුද්ගලයෙකු හට video meeting සඳහා join වීම සඳහා inbox එකට ලැ‍බෙන link එක මඟින් පහසුවෙන්ම අදාල meeting එකට සම්බන්ධ විමට හැකියාව ලැබෙනවා.

View post on imgur.com

මීට අමතරව “Meet” tab එක මඟින් ඉදිරියට සම්බන්ධ වීමට schedule කරන ලද calls list එකක් පෙන්නුම් කරන අතරම ඔබ‍ට email එකකින් හෝ වෙනත් third-party app එකකින් ලැබෙන ඕනැම meet.google.com URL එකක් මත click කිරීමෙන් පසු ඔබට meeting එකේ basic details ඇතුලත් වන නව preview screen එකක් දැකගැනීමේ හැකියාව ලැබෙනවා.

මෙම preview screen එකේ ඔබ meeting එකට සම්බන්ධ වන්නේ කුමන ගිණුමෙන්ද යන්න සටහන් වන අතර meeting එකට join විමට පෙර ඔබේ video feed එක පරික්ෂා කර බැලිමටද හැකියාව ලැබෙනවා.

කොහොම නමුත් සෑම කෙනෙකුම Google Meet සේවාව භාවිතා නොකරන අතර ඇතැම් පුද්ගලයින් හට මෙම Google Meet tab එක අත්‍යවශ්‍යය නොවන නිසා Google සමාගම විසින් Gmail app එක තුල මෙම tab එක hide කිරීම සඳහා ද අවස්ථාව ලබා දී ති‍බෙනවා.

එමෙන්ම මීළඟ සති කිහිපය ඇතුලත මෙම පහසුකම සියළුම Android සහ iOS Gmail පරිශීලකයින් හට ලබාදීමට Google සමාගම බළාපොරොත්තුවෙන් සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google blog එක, 9to5google වෙබ් අඩවිය සහ XDA - Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.