ලොව විශාලතම ජංගම දුරකථන වෙළඳ නාමය බවට වසර ගණනාවක් තිස්සෙ පත්ව සිටියේ කොරියානු තාක්ෂණික දැවැන්තයෙකු වන Samsung සමාගමයි.

පසුගිය වසර දක්වා මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිව තිබුණේ Apple සමාගමට වූ නමුත් 2019 වර්ෂයේ මැයි මාසය වන විට Apple සමාගම අභිබවා ගොස් දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට Huawei සමාගම සමත් වූ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Huawei ආයතනය Apple සමාගම පරදා ලොව දෙවනුවට විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා බවට පත්වේ
ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා අපි කවුරුත් දන්නා Samsung සමාගම[https://en.wikipedia.org/wiki/Samsung] වන අතර, දෙවන ස්ථානයේ සිටි Apple සමාගම[https://en.wikipedia.org/wiki/Apple_Inc.] පසු කරමින් මේ වන විට දෙවනුවට විශාලතමජංගම දුරකථන නිෂ්පාදකයා බවට පත් වීමට Huawei සමාගම[https://en.wikipedia.org/…

කොහොම නමුත් මේ වන විට වාර්ථා ‍වන තොරතුරු අනුව මෙම පිළිවෙල මදක් වෙනස් වී ලොව විශාලතම ජංගම දුරකථන වෙළඳනාමය බවට Huawei පත්ව ඇති අතර Counterpoint වෙබ් අඩවිය මූලාශ්‍ර කරගනිමින් Android authority වෙබ් අඩවිය මෙම තොරතුරු ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව Huawei සමාගම 2020 අප්‍රේල් මස වන විට සමස්ථ ජංගම දුරකථන වෙළඳපොලෙන් 19% කට හිමිකම් කියමින් පලමු තැනට පත්ව ඇති අතර 17% ක ප්‍රතිශතයකට හිමිකම් කියමින් Samsung එහි දෙවන තැනට පත්ව තිබෙනවා.

විශේෂයෙන්ම COVID-19 වෛරසයේ බලපෑම නිසා Smasung සමාගම මෑතකදී නිකුත් කළ S20 series එකේ අලෙවියට බලපෑම් එල්ල වූ අතර Huawei සමාගම සම්බන්ධයෙන් ගත් කල ඔවුන් චීනය හා ඉන්දියාව යන වෙළඳපොලවල් වලදී සාර්ථකත්වයක් අත් කරගෙන තිබෙන බව දැකගත හැකි වෙනවා.

කෙසේ නමුත් බොහෝ විශ්ලේෂකයින් ප්‍රකාශ කරනු ලබන්නේ Huawei සමාගම ලබා ගත් මෙම ජයග්‍රහණය තාවකාලික එකක් වනු ඇති බව වන අතර ඊට හේතුව නම් ඇමරිකානු සම්බාධක හමුවේ Huawei සමාගමේ ව්‍යාපාර කටයුතු අභියෝගයකට ලක් වී තිබීමයි.

ප්‍රමුඛ පෙලේ ඇමරිකානු chip නිශ්පාදකයෙකු වන TSMC සමාගම Huawei සමාගමට තවදුරටත් chips සැපයීම අත්හිටුවයි
Huawei සමාගමට පනවා ඇති වෙළඳ තහනම තවත් වසරකට දීර්ඝ කිරීමට ඇමරිකාව විසින් ගත්තීරණයත් සමඟින් චීන තාක්ෂණික දැවැන්තයෙකු වන Huawei සමාගමට, සිය උපාංග වලට chipsetලබාගැනීමට නොහැකිවීමේ ගැටළුවකටද මුහුණ දීමට සිදුවීමේ අවධානමක් ඇති වී තිබෙනවා. ලොව ප්‍රමුඛ පෙලේ chip නිශ්පාදනය කරන ඇමරිකානු සමාගමක් වන TSMS (Taiwa…

මේ නිසා මෙම වසරේදී සිය ජංගම දුරකථන අලෙවියේ 20% ක පමණ පහල යෑමක් Huawei සමාගම අපේක්ෂා කරනු ලබනවා.

Huawei උපාංග වෙත මේ වන විටත් Gmail, YouTube ඇතුළු ප්‍රධානම Google සේවා අහිමි වී ඇති අතර ඊට විකල්ප ලෙස Huawei සමාගම හඳුන්වා දුන් App Gallery වැනි option වලටද චීනය තුලදී මිස ඉන් පිටතදී විශාල පරිශීලක ආකර්ෂණක් හිමි වී ඇති බවක් දැකගත හැකි වන්නේ නැහැ.

මේ නිසා COVID-19 වෛරසය සමනය වූ කාලයකදී Samsung සමාගමෙහි අලෙවිය යලි ඉහල යා හැකි අතර ඒ අනුව ලබා ගත් පළමු ස්ථානය දිගටම පවත්වාගෙන යෑම සඳහා විශාල සටනක් ලබා දීමට Huawei සමාගමට සිදුවනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Authority වෙබ් අඩවිය, Forbes වෙබ් අඩවිය සහ Sammobile වෙබ් අඩවිය භාවිතා කළ හැක.