Windows 10 2004 update හෝ Windows 10 May 2020 update ලෙස හදුන්වන මෙම update එක මූලිකව පසුගිය මැයි මස 27 වැනි දින නිකුත් කිරීමට Microsoft සමාගම කටයුතු කලත්, එහි වූ ගැටළු කිහිපයක් නිසා මෙය තාවකාලිකව නැවැත්වීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.

කොහොම නමුත් මේ වන විට එම තත්ත්වය මඟහරවා ගනිමින් මේ update එක නැවතත් නිකුත් කිරීමට Microsoft සමාගම කටයුතු කර ඇති අතර ඔබ windows පරිශීලකයෙක් නම් අනිවාර්යයෙන් ලබාගත යුතු update එකක් ලෙස ඔවුන් මෙය හඳුන්වනවා.

එයට හේතුව නම් මෙම update එක සමග විශාල bugs ප්‍රමාණයකට සහ performance සදහා update එකක් ලෙස නිකුත් කර තිබීම වන අතර ඔබ දැනටමත් මිට පෙර update එක වන version 1909 update එක install කරගෙන නොමැති නම් එහි නිකුත් වූ bug සඳහා වූ fixes ද මෙහි ඇතුලත් වෙනවා.

මෙම update එකෙහි Windows Enterprise E3 හෝ E5 සහ Windows 365 E3 හෝ E5 license ඇති පරිශීලකයන් හට Desktop analytics පහසුකම ලබාදී තිබෙන අතර බොහෝ ආයතන වල IT Manager වරුන් හට ප්‍රයෝජනවත් වන cloud services සමග සම්බන්ධ වූ insights එකක් මේ හරහා ලබාදෙනු ලබනවා.

Windows 10 Enterprise හෝ Windows 10 Pro for Workstations පරිශීලකයන් හට Windows මෙහෙයුම් පද්ධතිය විසින් multi-display setup එක භාවිත කිරීම වැලක්වීමට පහසුකමක් ලැබී තිබෙනවා.

සාමාන්‍ය පරිශීලකයන් මෙවැනි multi-display setup එකක් භාවිත නොකරන නිසා බොහෝදුරට මෙම පහසුකම බොහෝ පිරිසක් භාවිතා නොකරනු ඇති නමුත් මෙම පහසුකම ඔබට Settings – Display – Advanced Display Settings – select a display – set “Remove display from desktop” යන option එක හරහා වෙනස් කරගත හැක.

Laptop එකක් සහ Tablet එකක් යන දෙආකාරයටම (2-in-1 ලෙස) භාවිත කිරීමට හැකි පරිගණක භාවිත කරනු ලබන පරිශීලකයන් හට ඒ ලෙස device අතර මාරු වීමේදී සිදුවන User interface වෙනස ඉතාමත් අඩුවෙන් සිදුවන බව ද Microsoft සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මිට අමතරව Direct X 12 වල අලුත්ම update එකක්ද මෙහි ඇතුලත් වන අතර තවත් බොහෝ bugs ප්‍රමාණයකට fixes ලැබී ඇති අතර තව පහසුකම කිහිපයක් පහත දක්වා ඇත.

  • Windows Hello support as FIDO2 authenticator for Chrome and Firefox
  • Windows Hello PIN sign-in support added to Safe mode
  • Major Windows Sandbox upgrades aplenty
  • Explicit control over when Windows auto-restarts apps that were open when you restart your PC
  • Cortana window can now be moved freely
  • Bluetooth pairing no longer requires going to Settings app
  • Task Manager Performance tab shows GPU temperatures
  • Task Manager Performance tab shows Disk type for each disk
  • Reset this PC recovery added a Cloud Download option

මීට අමතරව මෙම update එක සමඟින් පැමිණි සියලුම fixes ගැන තොරතුරු microsoft release note එක හරහා බළාගැනීමේ හැකියාව තිබෙනවා.

කොහොම නමුත් තවමත් ඇතැම් පරිගණක වල මේ අලුත් update එක සමඟින් compatibility issues පවතින බව ZDNet වෙබ් අඩවිය පෙන්වා දෙන අතර මේ වන විට Dell සහ Lenovo සමාගම් විසින් මේ update එක සඳහා සහාය දක්වනු ලබන devices පිළිබඳව ලැයිස්තුවක් ද ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Windows Community වෙබ් අඩවිය, ZDNet වෙබ් අඩවිය සහ SlashGear වෙබ් අඩවිය භාවිතා කළ හැක.