මීට වසර කිහිපයකට පෙර Microsoft Windows 7 සහ Windows 8 භාවිතා කරන්නන්ට ඔවුන්ගේ මෙහෙයුම් පද්ධතිය Windows 10 වෙත නොමිලේ upgrade කිරීමට හැකියාව ලබාදී තිබුණා.

මෙම upgrade කිරීමේ වැඩසටහන genuine license keys ඇති පරිශීලකයින්ට අමතර වියදමකින් තොරව නවතම Windows OS එක වෙත upgrade කිරීමට ඉඩ ලබා දුන් අතර මේ වැඩසටහන නිළ වශයෙන් 2016 වර්ෂයේදී දී අවසන් වූවා.

කොහොම නමුත් XDA-Developers වෙබ් අඩවිය විසින් වාර්ථා කරන අන්දමට එම offer එක තවමත් වලංගුව පවතින බව සඳහන් වන අතර තවමත් මෙම free upgrade එක ලබාගතහැකි ක්‍රමයක් පිළිබඳව ඔවුන් වාර්තා කර තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් Microsoft සමාගමෙහි සේවකයෙකු පවසා තිබුණේ free upgrade එක වසරක් සඳහා පමණක් සීමා කිරීමේ තීරණය හුදෙක් වෙළඳ ප්‍රචාරණය සඳහා පමණක් භාවිතා කළ දෙයක් වන බවත්, Windows මෙහෙයුම් පද්ධතිය තවදුරටත් Microsoft සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ගයක් නොවන බැවින් මේ පිළිබඳව ඔවුන් වැඩි අවධානයක් යොමු නොකරන බවත් ය.

r/sysadmin - Comment by u/CokeRobot on ”Apparently Microsoft is still allowing free upgrades from Windows 7 to Windows 10.”
906 votes and 373 comments so far on Reddit

කොහොම නමුත් පසුගිය ජනවාරි මාසයේදී Windows 7 මෙහෙයුම් පද්ධතිය සඳහා support කිරීම නිළ වශයෙන් නවත්වාදැමීමට Microsoft සමාගම කටයුතු කළ බැවින්, ඔබ තවමත් Windows 7 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නේ නම් මෙම ක්‍රමය හරහා එය නොමිලයේ Windows 10 digital license එකක් වෙත upgrade කරගැනීමේ හැකියාව පවතිනවා.

How to get Windows 10 upgrade for free:
  • මේ සඳහා අදාල device එකේ Windows 7 හෝ 8.1 මෙහෙයුම් පද්ධතියේ genuine copy එකක් ස්ථාපනය කර තිබීම අවශ්‍යය වෙනවා.
  • එමෙන්ම අදාල license එක corporate, එහෙමත් නැතිනම් volume license හරහා ලබාගනු ලැබූ එකක් නම්, එය genuine වුවත් මේ සඳහා සුදුසුකම් ලැබෙන්නේ නැහැ.
  • Windows 10 download page එක වෙත ගොස් Media Creation tool එක download කරගැනීමෙන් හෝ, (Windows නොවන device එකකින්) මේ page එකට ගොස් ISO file එක download කරගත යුතු වෙනවා.
  • Media Creation tool එක download කරගනු ලැබුවේ නම්, එය Open කර 'Upgrade this PC now' යන option එක තෝරාගන්න.
  • Upgrade කිරීමෙන් අනතුරුව Windows 10 වල Settings වල ඇති Windows Update > Activation යන විධානය මගින් ඔබගේ license එක Digital License එකක් ලෙස convert කරගත හැක. (මේ සඳහා Internet එකට connect වීම අත්‍යාවශ්‍යය වන අතර යම් හෙයකින් මෙය ස්ව්‍යංක්‍රීයව සිදු නොවුවහොත් එහිදී ඔබගේ පැරණි Windows 7/8/8.1 product key එක manully enter කිරීම මගින් activate කළ හැකි වෙනවා.)
මෙහෙදී මතක තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ කිසිඳු අවස්ථාවක මෙම විධානය ඔස්සේ ගොස් fresh install එකක්, එහෙමත් නැතිනම් fully format කර, නැවත මුල සිටම Windows install කිරීම නොකළ යුතු වීමයි.

මුලින්ම upgrade option එක භාවිතා කර upgrade කිරීමෙන් අනතුරුව එය Digital License එකක් ලෙස ඔබගේ Microsoft account එකට සම්බන්ධ වනු ඇති අතර, ඉන් පසුව අවශ්‍යය නම් device එක format කර fresh install එකක් කළ හැකි වෙනවා.

එමෙන්ම මෙය ක්‍රියාත්මක වන්නේ ඔබට genuine Windows 7, 8 හෝ Windows 8.1 යන මෙහෙයුම් පද්ධති වලින් එකක් සහිත device එකක් ඇත්නම් පමණක් වන බව මතක තබාගත යුතු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Windows latest වෙබ් අඩවිය භාවිතා කළ හැක.