පරිශීලකයන්ට ඉතා සරල උසස් තත්ත්වයේ අත්දැකීමක් ලබා දීම සඳහා Meta සමාගම සිය Messaging App එක වන WhatsApp සඳහා නව විශේෂාංග රැසක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව WABeta වෙබ් අඩවිය වාර්තා කළ ආකාරයට, WhatsApp ආයතනය WhatsApp යෙදුම සඳහා නව Drawing Tools කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

මීට පෙර පරිශීලකයන්ට Images සහ Videos මත Brush Tool එක භාවිතා කරමින් Paint කිරීමේ හැකියාව තිබුණද, Brush Tool එකෙහි Thickness (ඝනත්වය) වෙනස් කිරීමේ හැකියාවක් ලැබී තිබුණේ නැත.

නමුත් මේ වන විට Thick, Thicker සහ Thickest ලෙස ආකාර තුනකින් Brush Tool එක වැඩි දියුණු කිරීමට WhatsApp ආයතනය කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම කිසිඳු විශේෂාංගයක් තවමත් Beta පරිශීලකයන්ට හෝ සාමාන්‍ය WhatsApp පරිශීලකයන් හට ලබා දී නොමැති අතර, නුදුරේදීම නවතම සංස්කරණයක් හරහා මෙම විශේෂාංග ලබා දීමට WhatsApp ආයතනය කටයුතු කරන බව වැඩි දුරටත් සඳහන් කර තිබුණා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය සහ XDA -Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.