Twitter සමාගම Facebook Groups, Reddit වැනි Platforms සමඟ කරට කර තරඟ කිරීම සඳහා පසූගිය 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී Twitter Communities නමින් නව විශේෂාංගයක් හඳුන්වා දෙනු ලැබුවා.

නමුත් එම විශේෂාංගය IOS සහ Twitter Web පරිශීලකයන් සඳහා පමණක් සීමා වී තිබුණි. කෙසේවෙතත් නවතම Android සංස්කරණය (9.26.0) හරහා Android පරිශීලකයන් හටද ඉතාමත් පහසුවෙන් Twitter Communities සඳහා සම්බන්ධ වීම සහ Tweets පළ කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.

Community Owner හට තම Community එක Open Community හෝ Invite Only Community එකක්ද යන වග තීරණය කළ හැකි අතර, Community Participations ලා හට උපරිමය 5ක් දක්වා වූ පරිශීලකයන් සඳහා Community එකට Invite කිරීමේ හැකියාව තිබෙනවා.

මෙම Twitter Community විශේෂාංගය උත්සාහ කිරීමට ඔබත් කැමති නම්, Twitter ආයතනය විසින් උද්දීපනය කරන පහත සඳහන් Communities කිහිපයක් සඳහා Join වීමේ හැකියාව පවතිනවා.

Twitter Community එකක් නිර්මාණය කර ගැනීම සඳහා පරිශීලකයන්ට සෘ‍ජු පහසුකමක් තවමත් සපයා නොමැති අතර ඉදිරියේදි එවැනි විශේෂාංගයක් ලබා දීමටද Twitter සමාගම කටයුතු කරන බව වැඩි දුරටත් පවසා තිබුණා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.