Folding phone දැන් තවදුරටත් අපිට ආගන්තුක නොවන්නේ FlexPai, Motorola, Samsung වැනි සමාගම් වලින් ඇරඹී මේ වන විට Huawei, Oppo වැනි චීන සමාගම් දක්වා Folding Smartphone නිශ්පාදනය ව්‍යාප්ත වී තිබීම නිසයි.

නමුත් Folding Laptop එකක් ගැන ඔබට සිතා ගත හැකිද? දැනට අපිට නුහුරු උවත් වර්තමානය විසින් දැනටමත් අනාගත Folding Laptop වලට මඟ පාදා අවසන්.

CES 2022 ප්‍රදර්ශනයේදී Samsung සමාගම ඉදිරිපත් කළ concept අතරට තුන් ආකාරයට නැමිය හැකි (Tri-Fold) විශාල OLED තිරයක් වෙතද අවධානයක් යොමු වුණා.

Samsung හි Foldable OLED Display තාක්ෂණය, Galaxy Flex Note ලෙස මෙහිදී ඉදිරිපත් වූ අතර එමඟින් Laptop Size Display එකක් Fold සහ Unfold කල හැකි තාක්ෂණයක් හඳුන්වාදෙනු ලැබුවා.

මෙම Flex Note තාක්ෂණය සහිත OLED Dispaly එක Fold කල විට අඟල 13 ක Laptop එකක් ලෙස හා Unfold කලවිට අඟල 17 portable Monitor එකක් ලෙස භාවිතා කල හැකියි.

මේ නිසා Folding Laptop එකක් පිළිබඳ සාධනීය බලාපොරොත්තු තබා ගත හැකි බවට මෙම නව නිර්මාණය ඉඟි කරන අතර, එය සම්පූර්ණයෙන්ම අනාගත පරිගණක තාක්ෂණය වෙනස් කරනු ඇති.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Sammobile වෙබ් අඩවිය සහ Digital Trends වෙබ් අඩවිය භාවිතා කළ හැක.