ලොව පුරා පරිශීලකයන් බිලියන දෙක ඉක්මවා ඇති WhatsApp සේවාවට පසුගිය මාස කිහිපය පුරාම නව පහසුකම් රැසක් එක් වූ අතර අප ඒ සෑම පහසුකමක් ගැනම පාහේ ඔබව දැනුවත් කිරීමට කටයුතු කළ බව මතක ඇති.

එයින් නොනැවතී ඔවුන් දැන් සූදානම් වන්නේ WhatsApp වෙත තවත් නව පහසුකම් කිහිපයක් එක් කිරීමට වන අතර එයින් වැදගත්ම පහසුකම වන්නේ එකම වේලාවකදී එකවර devices කිහිපයක මෙය භාවිතා කිරීමට හැකියාව ලබා දීමයි.

දැනට Devices දෙකකට, එනම් එක් mobile device එකකට සහ Web app එක භාවිතා කිරීම සඳහා PC එකකට වශයෙන්, එකම වෙලාවකදී භාවිතා කිරීමට සහාය දෙන නමුත් ඉදිරියේදී එය Devices 4 ක් දක්වා වැඩි කරනු ඇති බව වාර්තා වනවා.

WABetaInfo හි Twitter සටහනක් මඟින් මෙම තොරතුරු නිකුත් වී ඇති අතර මෙම option එක මේ වන විටත් නිර්මාණය කෙරෙමින් පවතින බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

ඊට අමතරව Storage usage එක සඳහා අලුත් tool එකක්, Serach by Date, Clear except starred පහසුකම, ShareChat support සහ Search image on the web යන නව පහසුකම් WhatsApp වෙත එකතු කිරීමට ද මොවුන් සූදානම් වන බව වාර්ථ‍ා වෙනවා.

Search by Date පහසුකම සඳහා Chat serach mode එක වෙත අලුතෙන් Calander Icon එකක් ඇතුලත් කරනු ඇති අතර එමඟින් පරිශීලකයන්ට අවශ්‍ය දවස Select කිරීමෙන් එදිනට අදාල Chat History එක ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

මීට අමතරව නව Storage usage section එක Re-design කරනු ඇති අතර වඩා කාර්යක්ෂමව Storage Manage කිරීමට මෙමඟින් ඉඩ ලබා දීම මෙන්ම අලුතෙන් Add කිරීමට නියමිත Sort option එක මඟින් ඡායාරූප හා වීඩියෝ Newest, Oldest හා Size ලෙස පහසුවෙන් Sort කරගැනීමටද හැකියාව ලැබෙනවා.

එමෙන්ම දැනට ඇති WhatsApp version එකෙහි පරිශීලකයන් විසින් star කරන ලද Chats ද clear කිරීමට හැකියාව ඇති නිසා හඳුන්වාදීමට යන යන අංගය වන Clear excepct Stared option එක මඟින් එලෙස තරු සළකුණු කල chats clear නොකර අනෙක්වා පමණක් clear කිරීමට ඉඩ ලබා දෙනවා.

එමෙන්ම ඉන්දියානු පරිශීලකයින් සඳහා WhatsApp හා ඉන්දියානුවන් ජනප්‍රිය messenger App එකක් වන Share Chat එකිනෙක Link කිරීමටද WhatsApp සමාගම බලාපොරොත්තු වනවා. එමෙන්ම iOS සඳහා WhatsApp Web version එකෙන් Google හරහා Image search කිරීමේ පහසුකමක් සම්බන්ධයෙන් ද WhatsApp ආයතනය වැඩකරමින් සිටින බවද වාර්තා වෙනවා.

කෙසේ වුවත් මේ සියලුම පහසුකම් තවමත් Beta සංස්කරණයකට හෝ ඇතුලත් කර නොමැති බැවින් මෙම පහසුකම් මෑතකදී පරිශීලකයන්හට නොලැබෙනු ඇති බව අනුමාන කල හැකි නමුත් ඉදිරියේදී ක්‍රමයෙන් මෙය ලබාදීමට WhatsApp සමාගම කටයුතු කරනු ඇති බව විශ්වාස කල හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.