2014 වර්ෂයේදී Facebook සමාගම විසින් WhatsApp මිලදී ගන්නා විට මිලියන 500 ක පමණ පරිශීලකන් ප්‍රමාණයක් ඔවුන් වෙත එකතු වී අතර මෙම ගණුදෙනුව සඳහා ඩොළර් බිලියන 21.8ක මුදලක් වැය කිරීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.

2016 වර්ෂයේදී පරිශීලකයන් බිලියනය පසු කිරීමට WhatsApp සේවාවට හැකියාව ලැබුණු අතර 2018 වර්ෂයේදී ඔවුන්ගේ පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 1.5 දක්වා වර්ධනය වී තිබුණා.

WhatsApp Blog
We are excited to share that, as of today, WhatsApp supports more than two billion users around the world.Mothers and fathers can reach their loved ones no matter where they are. Brothers and sisters can share moments that matter. Coworkers can collaborate, and businesses can grow by easily connect…
නිළ WhatsApp Blog අඩවියේ පළ කළ නිවේදනය

මේ වන විට WhatsApp සේවාව භාවිතා කරන්නන් බිලියන දෙක ඉක්මවා ඇති බව ඔවුන්ගේ නිළ blog අඩවිය හරහා සටහනක් තබමින් WhatsApp ආයතනය ප්‍රකාශ කර සිටින අතර මෙය මෙතරම් පිරිසක් අතර ජනප්‍රිය වන්නට ප්‍රධානතම හේතුව ලෙස මෙහි ඇති ආරක්ෂිත බව, එනම් end to end encryption තාක්ෂණය බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ වන විට WhatsApp හරහා පරිශීලකයන් බිලියන 2ක් ද, Facebook ‍මගින් පරිශීලකයන් බිලියන 2.5ක් ද Instagram හරහා පරිශීලකයන් බිලියනයක් ද ලෙස Facebook සමාගමේ සේවාවන් වලට සම්බන්ධ වී ඇති පරිශීලකයන් ප්‍රමාණය වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ WhatsApp Blog එක, GSM Arena වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.