පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ refurbished ජංගම දුරකථන වෙළඳපොල 1% ක පසුබෑමකට ලක්ව ඇති බව Counter Point වෙබ් අඩවිය ප්‍රකාශ කරන අතර මෙවැනි පසුබෑමක් වාර්තා වන්නේ වසර 4 කට පසුව වීම විශේෂත්වයක් වෙනවා.

2019 වසරේ ලොව පුරා refurbished දුරකථන මිලියන 137 ක් පමණ අලෙවි වී තිබෙන නමුත් ඇමරිකාව, චීනය හා යුරෝපය ආශ්‍රිත රටවල මෙලෙස refurbished දුරකථන වෙත ඇති අවධානය අඩු වී ඇති අතර මේ නිසා එම රටවල 6% ක පමණ ප්‍රතිශතයකින් මෙම වෙළඳපොල අඩු වී තිබෙනවා.

Credits: counterpointresearch.com

මෙහි දරුණුම කඩා වැටීම 8% ක් වන අතර එය වාර්ථා වන්නේ ජපානයෙන් වන නමුත් ඉන්දියාව, අප්‍රිකානු කලාපය හා ලතින් ඇමරිකානු කලාපය තුළ මෙම වෙළඳපොල යම් වර්ධනයක් පෙන්නුම් කරන අතර එම වර්ධනය ප්‍රතිශතයක් ලෙස පිළිවෙලින් 9%, 2% ක් හා 6% ක් බව වාර්තා වලින් හෙළි වී තිබෙනවා.

Apple හා Samsung යන සමාගම් මේ refurbished ජංගම දුරකථන වෙළඳපොල තුළ ඒකාධිකාරයක් පතුරන අතර ඇමරිකානු සම්බාධ ක හමුවේ Huawei සමාගම යම් පසුබෑමක සිටින බව දැකගත හැකි වෙනවා.

Refurbished යනු භාවිතා කල දුරකථන අලුත්වැඩියා කර නැවත විකිණීම වන අතර ඒ නිසා සාමාන්‍යයෙන් එවැනි උපාංග Brand-new අලෙවි වන මිලට වඩා 30% ත් 40% ත් අතර තරම් අඩු මුදලකට අලෙවි කරනු ලබනවා.

Credits: counterpointresearch.com

මේ අතර Covid 19 වෛරසය බලපෑමෙන් supply chain එකට සිදු වූ බාධා වීම් නිසා ලොව Brand New ජංගම දුරකථන අලෙවිය ද දැඩි පසුබෑමකට ලක්ව තිබෙන අතර ඒ පිළිබඳව ද අපි මීට පෙර කිහිප වතාවක් ඔබව දැනුවත් කලා මතක ඇති.

Credits: counterpointresearch.com

Counter Point ආයතනය විසින් යුරෝපීය වෙළඳපොල ඇසුරින් කරන පරීක්ෂණයක් හරහා මෙහි නවතම තත්වය වාර්තා කර ඇති අතර, ‍නව ජංගම දුරකථන වල අලෙවියෙහි ඇති පසුබෑම පසුගිය වසරේ පලමු කාර්තුවට සාපේක්ෂව 23% ක් තරම් ඉහල අගයක් ගන්නා බව වාර්ථා කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Counterpoint වෙබ් අඩවිය, GizChina වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.