2018 වර්ෂයේ සිට WhatsApp ආයතනය විසින් ඔවුන්ගේ ඉන්දියානු පරිශීලකයින් හට WhatsApp හරහා මුදල් හුවමාරු කිරීමේ ක්‍රමවේදයක් ලබාදීම සඳහා කටයුතු කරමින් සිටි නමුත්, මෙම කටයුත්ත දීර්ඝ කාලයක් අතරමග නැවතී තිබුණු බව අපි ඔබව මීට පෙර ලිපියක් අතරතුරදී සඳහන් කළා මතක ඇති.

WhatsApp හරහා මුදල් ගෙවීමේ සහ ලබාගැනීමේ හැකියාව බ්‍රසීලියානු WhatsApp පරිශීලකයින් හට ලබාදීමට කටයුතු කරයි
WhatsApp, Instagram සහ Facebook හරහා මුදල් ගෙවීමේ හැකියාව ලබාදෙන Facebook Payනම් වූ ‍සේවාවක් එළිදැක්වීමට Facebook සමාගම සූදානමින් සිටින බව පසුගිය වසරේනොවැම්බර් මස අපි ඔබව දැනුවත් කළා මතක ඇති. WhatsApp, Instagram සහ Facebook හරහා මුදල් ගෙවීමට Facebook Pay නමින් අලුත්සේවාවක් හඳුන්වාදීමට සූදානම් වෙ…

කොහොම නමුත් මේ වන විට ඊට හේතු වී තිබුණු නීතිමය ගැටළු අවසන් කරමින් අද දින ඉන්දියානු ප්‍රාන්ත 10ක් ඇතුලත iOS සහ Android භාවිතා කරනු ලබන WhatsApp පරිශීලකයින් හට මුදල් හුවමාරු කරගැනීමේ හැකියාව ලබාදීමට කටයුතු කර ඇති බව WhatsApp ආයතනය ප්‍රකාශ කර සිටිනවා.

Send Payments in India with WhatsApp
Starting today, people across India will be able to send money through WhatsApp. This secure payments experience makes transferring money just as easy as sen...

ඉන්දියානු National Payments Corporation එක ඔවුන්ගේ UPI payments infrastructure එක හරහා WhatsApp ආයතනයට මුදල් ගණුදෙනු කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කරනු ලැබූ බව නිළ වශයෙන් නිවේදනය කිරීමෙන් අනතුරුව WhatsApp ආයතනය විසින් ඔවුන්ගේ නිවේදනය සිදු කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් Facebook සමාගමේ CEO වරයා වන Zuckerberg ප්‍රකාශ කර සිටියේ WhatsApp සේවාවට ඉන්දියාව තුළ මුදල් ගණුදෙනු සිදු කිරීමේ අවසරය ලැබීම නිසාවෙන් මේ වන විට යහළුවන් සහ පවුලේ හිතවතුන් සමඟින් ඉතාමත් පහසුවෙන් මුදල් හුවමාරු කරගැනීමට WhatsApp සේවාව භාවිතා කළ හැකි බවයි.

එමෙන්ම මේ සඳහා කිසිඳු ගාස්තුවක් අය නොකරන බවත්, ඉන්දියාව තුළ ඇති බැංකු 140කට අධික ප්‍රමාණයක් මේ සඳහා සහාය දක්වන බවත්, WhatsApp සේවාවට අන්තර්ගත කර ඇති බැවින් මෙය ඉතාමත් ආරක්ෂිත සේවාවක් වන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ WhatsApp Blog අඩවිය, India වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.