WhatsApp, Instagram සහ Facebook හරහා මුදල් ගෙවීමේ හැකියාව ලබාදෙන Facebook Pay නම් වූ ‍සේවාවක් එළිදැක්වීමට Facebook සමාගම සූදානමින් සිටින බව පසුගිය වසරේ නොවැම්බර් මස අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

WhatsApp, Instagram සහ Facebook හරහා මුදල් ගෙවීමට Facebook Pay නමින් අලුත් සේවාවක් හඳුන්වාදීමට සූදානම් වෙයි
Facebook සමාගම විසින් ඔවුන්ගේම Cryptocurrency එකක් හඳුන්වාදීමට සූදානම් වන බව මීටපෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Facebook සමාගමේ cryptocurrency එක Visa, Mastercard සහ Paypal වල සහාය ඇතිව ලබනසතියේදී එළිදක්වන ලකුණුFacebook සමාගම විසින් ඔවුන්ගේම cryptocurrency එකක්එළිදැක්වීමට සූදානමින් සිටිනබව[https://technews.lk/facebook-reportedly-building-cryptocurrency-for-whatsapp-money-transfers/…

ඔන්න දැන් මේ Facebook Pay සේවාව හරහා බළගැන්වෙන Payment පහසුකමක් WhatsApp වෙත අන්තර්ගත කිරීමටත්, එය බ්‍රසීලයේ WhatsApp පරිශීලකයින් සඳහා ලබාදීමටත් Facebook සමාගම කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා.

WhatsApp
WhatsApp Messenger: More than 2 billion people in over 180 countries use WhatsApp to stay in touch with friends and family, anytime and anywhere. WhatsApp is free and offers simple, secure, reliable messaging and calling, available on phones all over the world.
WhatsApp Payments

ඔවුන්ගේ නිළ Blog අඩවිය හරහා ප්‍රකාශ කරන අන්දමට මේ Payment සේවාව දැනට සියළුම බ්‍රසීලියානු WhatsApp පරිශීලකයින් හට නොමිලයේ භාවිතා කළ හැකි නමුත් ඉදිරියේදී මෙම සේවාව භාවිතා කරමින් මිතුරන් සහ පවුලේ අය අතර ගණුදෙනු කිරිමේ දී මුදලක් අය නොකලත්, මෙය භාවිතා කරන ව්‍යාපාර වලට මුදල් ලබාගැනීමේදී 3.99%ක processing fee එකක් ගෙවීමට සිදු වෙනවා.

Today we're starting to launch payments for people using WhatsApp in Brazil. We're making sending and receiving money as...

Posted by Mark Zuckerberg on Monday, June 15, 2020

මේ සේවාව භාවිතා කිරීම සඳහා WhatsApp ගිණුම සමඟින් Visa/Mastercard Credit හෝ Debit card පත් සම්බන්ධ කළ හැකි අතර ඉලක්කම් 6ක PIN එකක් හෝ fingerprint එක භාවිතා කරමින් මේ හරහා සිදු කරන transaction authorize කිරීම සිදු කිරීමේ හැකියාව ලැබෙනවා.

Image Credits: WhatsApp

මෙම විශේෂාංගය මේ වන විට බ්‍රසීලයේ පරිශීලකයින් වෙත ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇති අතර, බොහෝ දෙනා බළාපොරොත්තු වූයේ මෙම සේවාව මූලිකව ඉන්දියාවේ එළිදක්වනු ඇති බව වුවත්, ඉන්දියාවේ දේ සඳහා අවශ්‍යය කරනු ලබන නීතිමය පසුබිම සකස්කර ගැනීමේ ගැටළුවකට Facebook සමාගම මුහුණ දී ඇති බව Tech Crunch වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මෙම සේවාව ගෝලීය වශයෙන් නිකුත් කරන්නේ ද නැද්ද යන වග හෝ ඒ පිළිබඳව වන කාළසීමාවක් පිළිබඳව හෝ කිසිඳු නිළ තොරතුරක් තවමත් වාර්ථා නොවන නමුත් බොහෝ දෙනා අනුමාන කරන්නෙ මීළඟට මෙම සේවාව ඉන්දියාවට ලබාදෙනු ඇති බවයි.

මේ පිළිබද වැඩි විස්තර දැන ගැනිම සඳහා whatsapp blog එක, Android Police වෙබ් අඩවිය, Android Authority වෙබ් අඩවිය සහ Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.