.com domain name පිළිබඳව තීරණ ගැනීම වෙනුවෙන් වගකිවයුතු ආයතනය වන ICANN ආයතනය විසින් මේ domain name වල මිළ ඉහළ දැමීමට නියමිත අනුමැතිය ලබාදීමට කටයුතු කරමින් සිටින අතර ඉදිරි වසර කිහිපය ඇතුලත මෙම ඩොමේන් නාම වල මිළ ඉහළ දැමීමට කටයුතු කෙරෙනු ලැබෙන බව වාර්ථා වෙනවා.

වසර 8ක තිස්සේ එනම් 2012 වර්ෂයේ සිට .com domain වල මිළ ඇමෙරිකානු ඩොළර් 7.85ක් ලෙස තිබුණු අතර මේ අලුතින් සම්මත කරමින් පවතින රෙගුලාසි අනුව ඉදිරි වසර 10 ඇතුලතදී මෙහි මිළ ඩොළර් 13.50 දක්වා ඉහළ දැමීමට අදාල ආයතනයට හැකියාව ලැබෙනවා.

.COM Public Comments and Facts
ICANN Public Comment is a mechanism that gives the ICANN community and stakeholders an opportunity to provide input and feedback. Public Comment is used in the policy development process, and to...
මෙම මිළ වෙනස්කිරීම පිළිබඳව මහජනයාගේ අදහස් විමසීම

මේ වන විට .com domain වල භාරකාරීත්වයට අදාල ගිවිසුම තිබෙන්නේ Verisign සමාගම සතුව වන අතර වසරකට 7%ක ප්‍රමාණය බැගින් මීළඟ වසර 10 පුරාවට මෙම ඩොමේන් නාම වල මිළ ඉහළ දැමීමට ‍මොවුන් හට හැකියාව ලැබෙනවා.

2018 වර්ෂයේදී Verisign සමාගම විසින් ඇමෙරිකානු රජය සමඟ සාකච්ඡා කරමින් මේ මිළ ඉහළ දැමීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවත්, ICANN ආයතනය විසින් මෙහි අවසාන අනුමැතිය ලබාදීමට සූදානම් වීම නිසාවෙන් මේ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය මේ වන විට යොමු ව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.