Google සමාගම විසින් Google meet වෙත වැඩි අවධානයක් ලබා දී ඇති නිසා Google Duo සේවාව තරමක් නොසලකා හැර ඇති බවක් දැකගැනීමට හැකි වූ අතර Google සමාගම විසින් Google Duo වෙනුවට Google Meet සේවාව ආදේශ කරනු ඇතැයි කටකතාද පසුගිය කාලයේදී දැකගැනීමට හැකිවුණා.

Google Meet සහ Google Duo සේවාවන් ඒකාබද්ධ කිරීමට Google සමාගම සූදානම් වන ලකුණු
මේ වන විට Google සමාගම සතුව Google Duo [https://duo.google.com/] සහ Google Meet[https://meet.google.com/] ලෙස video chat services දෙකක් තිබෙන අතර Google Duoයනු Allo messaging service [https://allo.google.com/…

නමුත් Google සමාගම විසින් මේ වනවිට, නව විශේෂාංගම ලබාදෙමින් Google Duo සේවාව වැඩි දියුණු කිරීමට කටයුතු කරමින් ඇති අතර මේ වනවිට Duo app එක සඳහා සරල UI එකක් හඳුන්වාදීමටද කටයුතු කර තිබෙනවා.

Old UI: Left, center | New UI: Right

Redesign කරන ලද නව homescreen UI එක මඟින් homescreen එකෙහි “New Call” button එකක් හඳුන්වා දී ඇති අතර එමඟින් පරිශීලකයින් හට නව ඇමතුමක් ලබාගැනීමට, group එකක් create කිරීමට, groups සහ contacts lists බැලීමට මෙන්ම Google Home devices වලට ඇමතීමටද හැකියාව හිමි වෙනවා.

මෙම වෙනස්කමේ කොටසක් ලෙස, ඇතැම් විශේෂාංග නැවත ස්ථානගත කර ඇති අතර උදාහරණයක් ලෙස, create new groups option එක “New Call” button එක යටතට ගෙන ගොස් තිබෙනවා - මීට පෙර ඒ සඳහා homescreen එකෙහි විශේෂිත button එකක් දැකගැනීමට හැකියාව ලැබුණා.

එමෙන්ම, පවතින groups සහ contacts ආදිය දැන් search bar එකෙන් සහ New Call button එක හරහා සොයාගැනීමට හැකියාව තිබෙන අතර සමස්තයක් ලෙස ගත් කල, නව UI එක මඟින් සියලුම අත්‍යාවශ්‍ය features එක් ස්ථානයකින් access කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

මෙම නව UI එක දැනටමත් ඇතැම් පරිශීලකයන් හට ලැබී ඇති අතර Google සමාගම පවසන්නේ නව UI එක ඉදිරි සති කිහිපය තුළදී සියලුම Google Duo පරිශීලකයන් හට ලබා දෙන බවයි.

Google Duo - Apps on Google Play
Google Duo is the highest quality video calling app*. It’s simple, reliable, and works across Android and iOS phones and tablets, smart devices, and on the web. Features: Make calls between Android and iOSWhether you’re on your phone, tablet, or on the web, you can stay in touch with Duo. You ca…
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.