WhatsApp පරිශීලකයින් iOS වල සිට Android වලට හෝ, Android වල සිට iOS වලට මාරු වන විට තම chat history එක transfer කිරීමේ හැකියාව ලබාදීම කෙරෙහි WhatsApp සමාගමේ අවධානය යොමු වී තිබුණු බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

වෙනත් platform එකකට මාරු වන විට chat history එක transfer කිරීමේ හැකියාව ලබාදීමට WhatsApp ආයතනය සූදානම් වෙයි
Android වල සිට iOS වලට මාරු වන විට ඇති වන ප්‍රධාන ගැටළුවක් වන්නේ WhatsApp chat history එක ජංගම දුරකථන දෙක අතර sync කරගැනීමට හැකියාවක් නොලැබීමයි. මෙයට හේතුව වන්

මේ වන විට මෙහි පියවරක් ලෙස iOS පරිශීලකයින් හට Samsung ජංගම දුරකථනයක් වෙත chat history එක transfer කිරීමේ හැකියාව ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කර තිබෙනවා.

මෙම option එක භාවිතා කරීමට නම් iPhone එකකට අමතරව Android 10 හෝ 11 වලින් බළගැන්වෙන Samsung ජංගම දුරකථයක් තිබීම අත්‍යාවශ්‍යය වෙනවා.

එමෙන්ම WhatsApp ආයතනය ප්‍රකාශ කරන්නෙ මෙම සම්පූර්ණ process එකම අතරතුර කිසිඳු අවස්ථාවකදී පරිශීලකයාගේ voice messages, photos, සහ videos ඇතුළු සියළුම messages WhatsApp servers වෙත upload කරගැනීමක් සිදු නොකරන බවයි.


Chat history එක transfer කරන ආකාරය

ඔබට ඉතාම පහසුවෙන් පියවර කීපයක් ඔස්සේ ඔබේ පැරණි iPhone එකේ තිබෙන WhatsApp data, ඔබේ අලුත් Samsung device එකට මාරු කිරීම සිදු කළ හැකි වෙනවා.

මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වෙන්නේ මොන විදිහේ දේවල් ද කියලා අපි විමසා බලමු.

  1. Brand new Samsung smartphone එකක් හෝ factory data reset කරන ලද Smartphone එකක් තිබිය යුතු වීම.
  2. Samsung device එක Android 10 හෝ ඊට පසු Android version එකක් තිබිය යුතු වීම (Android 11 හෝ ඉදිරියේදී එන Version එකක්)
  3. Version 3.7.22.1 හෝ ඊට පසු update එකක් සහිත Samsung SmartSwitch App එක.
  4. WhatsApp iOS version 2.21.160.17 හෝ ඊට පසු සංස්කරණයක්.
  5. WhatsApp Android version 2.21.16.20 හෝ ඊට පසු සංස්කරණයක්.
  6. USB-C to Lightning cable එකක්
  7. එකම Phone number එක පැරණි iPhone එකේ හා අලුත් Samsung device එකේ භාවිතා කළ යුතු වීම.

දැන් මේ ක්‍රියාවලිය සිදු කරන ආකාරය පියවරෙන් පියවර විමසා බලමු.

මුලින්ම ඔබේ අලූත්ම Samsung device එක Turn On කර, USB-C to Lightning cable එක මඟින් Samsung device එක හා iPhone එක connect කරන්න.

අනතුරුව, USB device connect කළ යුත්තේ කුමන App එකෙන් ද යන්න ඔබේ අලුත් Samsung device එක මත විමසනු ඇති අතර, එම App අතුරින් SmartSwith App එක තෝරා ගන්න.

App එක තෝරාගත් පසු, Connecting process එක ආරම්භ වන අතර, iPhone එක මත විමසන "Trust connection " යන්න " Yes" ලෙස click කිරීම කල යුතුයි.

මෙහිදී Samsung දුරකථනය විසින් iPhone එකේ transfer කළ යුතු සියලුම data පරික්ෂා කිරීම සිදු කරනවා. මෙම දත්ත Call, Messages, App, Video, Images ආදී ලෙස list එකක් ලෙස ඔබේ Samsung දුරකථනයෙන් පෙන්වන අතර, මෙම step එකේ දී ඔබට transfer කළ නොහැකි දත්ත මොනවාද යන්නත් දැක ගත හැකියි.

අනතුරුව Transfer click කල යුතු අතර, මෙහිදී Samsung දුරකථනය මත Install කලයුතු App කිහිපයක් පෙන්වන අතර, එම App අතර WhatsApp ද දැක ගත හැකියි.

පසුව, Samsung දුරකථනය මත පෙන්වන Install යන්න Click කල පසු QR Code එකක් පෙන්වන අතර, ඔබේ iPhone එකේ Camera App එක On කර Samsung දුරකථනය මත පෙන්වන එම QR code එක Scan කිරීම කළ යුතු වෙනවා.

එම QR code එක Scan කල පසු iPhone එක මත පෙන්වන පරිදි "WhatsApp open" කලයුතු අතර, iPhone එක " Move Chats to Android " යන Step එක දැකගත හැකියි.

අනතුරුව iPhone එක මත " Start" යන්න click කලපසු ඔබේ WhatsApp chat history එක Samsung දුරකතනය වෙත transfer වීම ආරම්භ වෙනවා.

මෙම ක්‍රියාවලියට මිනිත්තු කීපයක් ගත වෙන අතර, ක්‍රියාවලිය 100% සම්පූර්ණ වූ පසුව, Samsung දුරකථනය මඟින් iPhone එක මඟින් Transfer කරගත් දත්ත Organize කර ගැනීම සඳහා තවත් මිනිත්තු කිහිපයක් වැය කරනවා දැක ගත හැකියි.

අනතුරුව Samsung දුරකථනය WhatsApp එක අලුත්ම App එකක් ලෙසින් install වී තිබෙනවා දැකගත හැකි අතර ඔබට, ඔබේ පැරණි iPhone එකේ WhatsApp සඳහා භාවිතා කල ජංගම දුරකථන අංකයම ඔබේ අලුත් Samsung දුරකථනයට ලබා දීම කළ යුතු වෙනවා.

එතැන් සිට, WhatsApp App එක සමාන්‍ය පරිදි install වීමේ ක්‍රියාවලිය සිදුවන අතර, එම ක්‍රියාවලියෙන් පසුව ඔබට, ඔබේ iPhone එකේ තිබූ WhatsApp history එක, ඒ ආකාරයෙන්ම ඔබේ අලුත් Samsung device එකේ දැකගත හැකිවෙනු ඇති.


සැලකිලිමත් විය යුතු කරුණු

මෙම ක්‍රියාවලිය අතරතුර USB-C to Lightning cable එක ගලවා ඉවත් නොකිරීම වගබලා ගැනීම වැදගත් වන කරුණක් වෙනවා.

එමෙන්ම WhatsApp සඳහා එකම ජංගම දුරකථන අංකයක් භාවිතා කිරීම කළ යුතුයි.

ඒ වගේම දුරකතනයේ battery level එක, 80% ක් හෝ ඊට ඉහළ අගයක් තිබෙනවා ද යන්න පිළිබඳව සැළකිලිමත් විය යුතුයි.

මෙම පහසුකම භාවිතා කිරීමට නම්, Android දුරකථනය අනිවාර්යයෙන්ම samsung එකක් විය යුතු අතර, එය Factory Data Reset කර හෝ Brand New අවස්ථාව (අලුත් Android දුරකථනයක් Setup කිරීමේ අවස්ථාව) විය යුතුයි.

ඒ වගේම WhatsApp call history එක හා ඔබේ WhatsApp Name එක Transfer වීම සිදු වන්නේ නැහැ.


පසු සටහන

ඉතින් මේ ඉහතින් දක්වා තිබෙන්නේ Samsung දුරකතනයකට iPhone එකේ තිබෙන WhatsApp history එක Transfer කරන්නේ කොහොමද කියන එක ගැන විතරයි.

මෙම option එක හඳුන්වාදීමේදී WhatsApp සමාගම පෙන්වා දුන්නේ මෙය ආරම්භයක් පමණක් බවත්, සෑම අයෙකුටම ආරක්ෂිතව තම WhatsApp දත්ත OS අතර මාරු කර භාවිතා කිරීමේ හැකියාව ලබාදීම සිය සමාගමේ අපේක්ෂාව බවයි.

ඒ අනුව ඉදිරියේ දී iOS වලට සිට අනෙක් Android ජංගම දුරකථන වලටත්, ඒ වගේම Android වල සිට iPhone වලටත් WhatsApp history එක transfer කරන්න හැකියාව ලැබෙනු ඇති බව අනුමාන කළ හැකියි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ නිළ WhatsApp වෙබ් අඩවිය භාවිතා කළ හැක.