British Airways ආයතනයට අයත් ba.com වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එම ගුවන් සේවාව පරිශීලනක කළ පුද්ගලයින් 380,000කට අධික පිරිසකගේ ක්‍රෙඩිට්කාඩ් වල තොරතුරු සොරාගෙන තිබෙන බව British Airways ආයතනය නිවේදනය කළා.

එසේම British Airways mobile app එකද මෙම සයිබර් ප්‍රහාරයේදී හැක් වී තිබෙන අතර ඒවායේ පවතින දුර්වලතාවන් විශාල ප්‍රමාණයක් මෙම ප්‍රහාරයෙන් පසු හදුනාගෙන තිබෙනවා.

මේ පිළිබඳව නිළ නිවේදනයක් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ සොරාගත් දත්ත අතර passport හෝ සංචාර පිළිබඳ දත්ත ඇතුලත් නොවන බවයි. නමුත් මේ දත්ත අතර සති දෙකක කාළ සීමාවත් තිස්සේ ගණුදෙනු කළ පාරිභෝගිකයන්ගේ නම, email address එක සහ credit card පිළිබඳ දත්ත ඇතුලත් වන බව පෙන්වා දෙනවා.

කොහොම වුණත් මේ සිදුවීම හරහා සිදුවන සෑම පාඩුවක්ම British Airways ආයතනය මගින් දරාගැනීමට කටයුතු කරනු ලබන බවත්, මේ හරහා පාරිභෝගිකයන්ට සිදු වන මූල්‍යමය අලාභයන්ද නැවත ගෙවීමට මෙම ගුවන් ආයතනය විසින් කටයුතු කරන බවත් මෙහි ප්‍රධාන විධායක නිළධාරියා වන Alex Cruz විසින් BBC පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙනවා.

මේ cyber ප්‍රහාරය පිළිබඳව වැඩිදුර සොයාබැලීම් කටයුතු සිදු කිරීම සඳහා අදාල බළධාරීන් වෙත යොමු කර ඇති අතර මේ වන විට අදාල පද්ධතිය ආරක්ෂිත ආකාරයට නැවත සකසා සාමාන්‍යය පරිදි කටයුතු සිදු කිරීමට හැකියාව ලැබී තිබෙනවා.