2013 දී GIF search engine එකක් ලෙස ආරම්භ කරනු ලැබූ, මේ වන විට ලොව ප්‍රසිද්ධතම සහ විශාලතම GIF Animation සාදන වෙබ් අඩවිය වන GIPHY ආයතනය Facebook විසින් මිලට ගෙන තම Instagram කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස පත් කිරීමට කටයුතු කර ඇති බව Facebook සමාගම නිවේදනය කර තිබෙනවා.

Axios වාර්තා වලට අනුව මෙම ගනුදෙනුවේ වටිනාකම ඩොලර් මිලියන 400ක් වන අතර තම නිල නාමය ද නොවෙනස්ව පවත්වාගෙන යාමට Giphy සේවාවට හැකියාව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

වසර ගණනාවක් තිස්සේ Facebook සමාගම ඔවුන්ගේ apps සඳහා GIF ලබා ගැනීම වෙනුවෙන් GIPHY API භාවිතා කිරීමට කටයුතු කර තිබුණු අතර මේ වන විට Giphy සේවාවට පැමිණෙන සම්පූර්ණ පරිශීලකයින්ගෙන් 50%ක ප්‍රමාණයක් Facebook apps හරහා පැමිණෙන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එම ප්‍රමාණයෙන් 50%කට අධික ප්‍රමාණයක් Instagram හරහා පමණක් පැමිණෙන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

View post on imgur.com

Giphy සේවාව Instagram වල කොටසක් කිරීම හරහා, Instagram වල Direct message පහසුකම හා Story පහසුකම හරහා GIF යැවීම පහසු කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

‍කොහොම නමුත් මේ මිලදීගැනීම හරහා දැනට Giphy භාවිතා කරන්නන් සහ developer වරුන් හට කිසිඳු ආකාරයක බාධාවක් නොවන බවත්, එම කටයුතු කිසිඳු වෙනසකින් තොරව පවත්වාගෙන යනු ලබන බවත් Instagram සමාගම වෙනුවෙන් Vishal Shah පෙන්වා දෙනවා.

View post on imgur.com

මේ වන විට Twitter, Pinterest, Slack, Reddit වැනි තවත් විශාල සේවාවන් ප්‍රමාණයක් Giphy සේවාව භාවිතා කරනු ලබන අතර එම සේවාවන් වලට ද මෙම අලුත් හිමිකාරීත්වය හරහා බළපෑමක් සිදුවන්නේ නැහැ.

මේ පිළිබඳ වැඩිදුර විස්තර Facebook නිල Blog අඩවියෙන්, TechCrunch වෙබ්අඩවියෙන් සහ The Verge වෙබ් අඩවියෙන් ලබාගත හැක.