වනඅලින්ට GPS තාක්ෂණය සහිත කරපටියක් පැළඳීමේ මෙහෙයුමක් ඔයාමඩුවෙන් ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකාවේ අලි-මිනිස් සහජීවනයේ සමතුලිතතාව අද වන විට බරපතල අභියෝගයකට ලක්ව තිබෙනවා. පසුගිය 2023 වසරේදී පමණක් වන අලි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 176 දෙනෙකු මිය ගොස් ඇති අතර, අලි 470ක් මරණයට පත්ව තිබේ.
පසුගිය වසර හතර තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව සැලකූ විට, ලෝකයේ මිනිස්-අලි ගැටුම වඩාත්ම උග්‍ර රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. වන අලි වාසස්ථාන වෙත සිදු වෙන හානි, වන විනාශය, අනවසර ඉඩම් අල්ලා ගැනීම් වැනි ප්‍රධාන හේතු නිසා වන අලින් සහ මිනිසුන් අතර මෙම ගැටුම් තවදුරටත් උග්‍ර වීමට හේතුව තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා අනුව, 1997 වසරේදී ශ්‍රී ලංකාවේ වන ආවරණය වර්ග කිලෝමීටර 20,000ක් (වර්ග සැතපුම් 7,000ක්) පමණ වූ අතර, එය මුළු භූමි ප්‍රමාණයෙන් 30%ක් විය. එහෙත් 2022 වන විට ඉන් වර්ග කිලෝමීටර 2,100ක පමණ වන ආවරණයක් අහිමි වී තිබේ.
මෙවන් පසුබිමක, අනුරාධපුර ප්‍රදේශයේ උග්‍ර වී ඇති අලි-මිනිස් ගැටුම විසඳීමේ නව ප්‍රවේශයක් ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් GPS තාක්ෂණය යොදා ගැනීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කොට තිබෙනවා. මෙම වැඩපිළිවෙල අනුරාධපුර ප්‍රදේශයේ සිටින වන අලින් විල්පත්තු ජාතික වනෝද්‍යානය වෙත ගෙන යාමේ මෙහෙයුම් වෙත ආරම්භයක් ගැනෙනු ඇති.
මෙම මෙහෙයුම සඳහා වනජීවී නිලධාරීන්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් සිදු වන අතර මෙහි මුලික අදියර ඔයාමඩුව ප්‍රදේශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙහිදී වන අලි රංචුවේ ප්‍රධාන අලියාට හෝ ඇතින්නට GPS තාක්ෂණය සහිත විශේෂ කරපටිය පැළඳවීම සිදු කෙරෙනවා. මෙම තාක්ෂණය මගින් වන අලින්ගේ ගමන් මාර්ග හා චලන රටා පිළිබඳ වැඩිදුර නිරීක්ෂණය කිරීමට බලධාරීන්ට හැකියාව ලැබෙනු ඇති.
සමීක්ෂණ වාර්තා අනුව, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික බෝග වගාවන්ට සිදුවන හානි අතර වන අලි මගින් සිදුවන හානිය ප්රමුඛ ස්ථානයක් ගනී. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දෛනිකව වන අලි හානි වාර්තා වන අතර, විශේෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙම තත්ත්වය බරපතල මට්ටමක පවතිනවා.
මේ කොලර් මගින් වන අලින්ගේ චලන රටා නිරීක්ෂණය කරන එක පහසු වුනත් සතුන් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට හෝ ගම් වැදීම වැළැක්වීමට ස්ථිරසාර විසඳුමක් ලබාදෙන්න මේ නිරීක්ෂණ පමණක් ප්‍රමාණවත් ද කියන ගැටලුව අපට තියෙනවා.
මීට පෙර ආරම්භ කරන ලද වන අලි පලවා හැරීමේ මෙහෙයුම් බොහොමයක් අතරමග නැවතීම නිසාම ප්‍රදේශ කිහිපයක වන අලි ගැටලුව තවදුරටත් උග්‍ර බවට පත් වෙලා තිබෙන බව ප්‍රදේශවාසීන්ගේ චෝදනා කරනවා.
කොහොම වුනත් මෙම නව තාක්ෂණික විසඳුම සාර්ථක වේවිද? කොයිතරම් නම් මේ නිරීක්ෂණ හා දත්ත වලින් ප්‍රයෝජනයක් ගන්න වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ බලධාරීන්ට පුළුවන් වේවිද? එහෙම නැති නම් මේ ව්‍යාපෘතියත් මහජන මුදල් නාස්ති වෙන ව්‍යාපෘතියක් වේවිද? කියන එක අපිට ඉක්මනින් දැනගන්න ලැබෙයි.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා dailymirror.lk වෙබ් අඩවිය සහ ccrsl.org වෙබ් අඩවිය භාවිතා කළ හැක.