Harry Potter කතා මාලාව ගැන නොදන්නා කෙනෙක් මේ වන විට හොයාගන්නත් නැති තරම් වන අතර ලොව පුරා ලොකු කුඩා කොයි කවුරුත් ඉතාමත් කැමැත්තෙන් සිටින මේ කතාවේ Mobile Game එක මේ වන විට නිකුත් කර තිබෙනවා.

Pokémon Go game එක නිර්මාණය කළ Niantic Labs ආයතනය විසින් මේ Harry Potter game එක නිර්මාණය කර තිබෙන අතර එය augmented reality තාක්ෂණය භාවිතා කරමින් play කළ හැකි ලෙස නිමවා තිබෙනවා.

මේ අනුව game එක play කරන විට සැබෑ ලෝකය හා game එකෙහි පවතින virtual world එක, එකිනෙක සම්බන්ධ කරමින් ඉතාමත් සිත්ගන්නාසුළු gaming experience එකක් ලබා දීමට මොවුන් සමත් වී තිබෙනවා.

පසුගිය මැයි මාසයේදී ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් මූලික කරගෙන පරීක්ෂණ කටයුතු සිදු කිරීමට කටයුතු කළ මේ game එක, මේ වන විට ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය යන රටවල් වලදී Android සහ iOS යන platform ද්විත්වයටම මේ Harry Potter: Wizards Unite Game එක download කරගැනීමේ හැකියාව ලබා දී තිබෙන අතර ඉතාමත් ඉක්මණින් අනෙකුත් රටවල් වලට ද මෙය ලබාදීමට කටයුතු කරනු ලබන බව ඔවුන් ප්‍රකාශ කරනු ලබනවා.

කොහොම නමුත් අපේ රටට තවමත් මෙය download කරගැනීමේ හැකියාව ලබා දී නොමැති අතර, අවශ්‍යය නම් ඒ සඳහා pre-register වී සිටීමේ හැකියාව මේ වන විටත් ලබා දී තිබෙනවා. මෙය download කරගැනීමේ හැකියාව ලබා දුන් පසු Android සඳහා Google Play Store එක සහ iOS සඳහා AppStore එක භාවිතා කරමින් එය install කරගත හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්ත දැනගැනීම සඳහා ඔවුන්ගේ නිළ Twitter ගිණුම, The Verge වෙබ් අඩවිය හා ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය භාවිතා කළ හැක.