අද මම Nvidia Tesla V100 කියන GPU එකත් Nvidia Quadro Volta කියන තාක්ශණයත් ගැනත් කථාකරන්න හිතුවේ පහුගිය ලිපි මඟින් සුපිරි පරිගණක ගැන සඳහන් කල නිසා.

Nvidia Tesla V100 කියන්නේ HPC සඳහා වගේම Data Centers සඳහා නිපදවන ලද GPU එකක්. Nvidia Volta කියන්නේ මේ සමඟින් එන අළුත් තාක්ෂණයක් වන අතර Nvidia Quadro GV100 කියන GPU එක Tesla GPU එකේම නව මුහුණුවරක් ද වෙනවා.

Nvidia-Tesla-comparasion-tech-news-sinhala

මෙම Tesla V100 GPU එකේ වගේම Nvidia Quadro GV100 කියන GPU එකේත් Tensor Performance අගය 100 TLFOPs වලට වඩා වැඩි අගයක් ගන්නා අතරම මෙම GPU දෙකෙහිම Tensor Cores 600 ට වැඩි ප්‍රමාණයක් මෙන්ම CUDA Cores 5000 ට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියනවා. මෙහි සඳහන් Tensor Cores ASIC වර්ගයට අයත් එනම් යම්කිසි ක්‍රියාවක් සිදුකරගැනීමට විශේෂයෙන් නිපදවූ සංගෘහිත පරිපත විශේෂයක් වනවා. බොහෝ දෙනෙක් TPU වශයෙන් හඳුන්වන්නෙත් මේ Application specific integrated circuit එහෙමත් නැතිනම් ASIC එකක්ම තමයි. මේ පිළිබඳව අපගේ පසුගිය ලිපියක සඳහන් කළ අතර එම පුවත මඟහැරුණු අයෙකුන් වී නම් මෙමඟින් එය කියවා බලන්න පුළුවන්.

125-tensor-tflops-of-mixed-precision-tech-news-sinhala

ඉතින් මේ කෘතිම බුද්ධිය සහ සුපිරි පරිගණක මේ වෙනකොට ගෙදරටම අරන් එන්න පුළුවන් මට්ටමට ප්‍රමාණයෙන් කුඩා වෙලා වගේම කාර්යක්ශමතාවය වැඩි වෙලා. ලොව මුල්ම සුපිරි පරිගණකය වන Cray-2 හි සැකසුම් කලාපය 1.9 GFLOPS වන නමුත් අද වනවිට තනි GPU එකක සැකසුම් කලාපය 100 TLFOPs වලට වඩා වැඩි වෙනවා. ඉතින් GPU එකක් අරන් Game play කරනවා වෙනුවට දැන් සුපිරි පරිගණකයක් හදාගන්නත් පුළුවන්.

volta-gv100-full-gpu-with-84-sm-units-tech-news-sinhala

Nvidia සමාගම මේ ආකාරයෙන් AI තාක්ශණයෙන් සහ සුපිරි පරිගණකකරණය සමඟින් දිනෙන් දින ඉදිරියට එන අතර AMD සමාගමත් මේ හා සමගාමීව කටයුතු කරණු ලබන බවක් දැනගන්නට ලැබෙනවා. AMD සමාගම මෑතකදී ලොව ප්‍රථම වරට 2TB මතකයක් සහිත වගේම ඉතාම කාර්යක්ශම VGA එකකුත් නිර්මාණය කළා මතක ඇති.

nvidia-tesla-features-tech-news-sinhala

ක්‍රමක්‍රමයෙන් ඉදිරියටම එන මේ නව තාක්ශණයන් හමුවේ ඉදිරි පරම්පරාවන් සුපිරි පරිගණක සාක්කුවේ දමාගෙන යන අනාගතයක් ඇති බව දැන් නම් ඉතාමත් පැහැදිලි බව මගේ අනුමානයයි.