Huawei සමාගම ඔවුන්ගේ ජංගම දුරකථන නිෂ්පාදනයට අවශ්‍යය chips ලබාගැනීමේ අපහසුතාවයකට මුහුණදී ඇති බව මීට පෙර අවස්තා ගණනාවකදීම අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් සිය smartphones සඳහා chips හිඟ වී ඇති බව Huawei සමාගම ප්‍රකාශ කරයි
ලොව විශාලතම smartphone නිෂ්පාදකයෙකු වන Huawei සමාගමට එරෙහිව එක්සත් ජනපදය විසින්යොදා ඇති සම්බාධක හේතුවෙන් ඔවුන්ගේ processor chips අවසන් වෙමින් පවතින බව TheAssociated Press වෙබ් අඩවිය[https://apnews.com/270e93e985733a4d086c06a01375cea0] විසින් වාර්තා කරනු ලබනවා. Huawei සමාගමෙහි පාරිභෝගික ව්‍යාපාර …

කොහොම නමුත් මේ වන විට Huawei සමාගමට අවශ්‍යය 4G chips සහ තවත් නිෂ්පාදන කිහිපයක් ලබාදීම සඳහා Qualcomm සමාගමට අවසර ලබාදීමට ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව Reuters වෙබ් අඩවිය වාර්තා කරනවා.

මෙහිදී 4G chips වලට අමතරව සැපයීමට හැකියාව ඇති අනෙකුත් දෑ මොනවාද යන්න පිළිබඳව තවමත් Qualcomm සමාගම හෝ Huawei සමාගම විසින් නිවේදනය කර නොමැති අතර, බොහෝ විට අලුත් ජංගම දුරකථන වල ඇතුලත් කරනු ලබන 5G chips ද මෙම ලැයිස්තුවට ඇතුලත් වනු ඇති බව අනුමාන කෙරෙනවා.

එමෙන්ම මෙම අවසරපත්‍රය හරහා සැපයීමට අවසර ඇති items වලට අමතරව, තවත් අවසරපත්‍රයක් සඳහා ඇමෙරිකානු රජය වෙත ඉල්ලුම්පත් යොමු කොට ඇති බවද Qualcomm සමාගම විසින් ප්‍රකාශ කර තිබෙනවා.

Huawei සමාගමේ HiSilicon chipset නිෂ්පාදනය අඩපණ කරමින් ARM ආයතනය ද වෙළඳ සබඳතා අවහිර කරයි
Google සමාගම විසින් Android මෙහෙයුම් පද්ධතිය සඳහා Google Play Services භාවිතාකිරීමේ හැකියාව අවලංගු කිරීමත් [/google-huawei-android-suspension/], තවත් ප්‍රසිද්ධ chip නිෂ්පාදකයන් රැසක් තමන්ගේ සැපයුම් Huawei සමාගමට ලබා නොදීමට කටයුතුකිරීමත් ගැන [/several-chip-companies-have-reportedly-stopped-supplyi…

මීට අමතරව තවත් ප්‍රසිද්ධ chip නිෂ්පාදකයින් වන Micron Technology ආයතනය සහ Intel ආයතනය ද Huawei සමාගමට තම නිෂ්පාදන අලෙවි කිරීම සඳහා වන අවසරපත්‍ර සඳහා අයදුම් කර ඇති බව ද Reuters වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Reuters වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.