Oppo යනු මේ වන විට smartphone වලට අමතරව smart watch හා smart රූපවාහිනී නිෂ්පාදනය කරනු ලබන ජනප්‍රිය චීන වෙළෙඳ නාමයක් බව ඔබ දැනටමත් දන්නවා ඇති.

මෙයිනුත් මෑතකදි නිකුත් කළ Oppo Smart Watch එක ඉතා සාර්ථක නිෂ්පාදනයක් බවට පත්වී තිබෙන අතර එය ශ්‍රී ලංකාවේද ජනප්‍රිය උපාංගයක් වෙනවා.

මේ අතර අතර සිය නිෂ්පාදන පරාසය පුළුල් කිරීමට Oppo සමාගම සූදානම් වන බවට මේ වන විට තොරතුරු වාර්තා වී තිබෙන අතර, ඒවාට අනුව Oppo සමාගම මීළඟ වසරේදී Tablet එකක් හා Notebook එකක් නිකුත් කරන්නට සූදානමින් සිටින බව දැනගන්නට ලැබෙනවා.

දැනට Android tablet නිෂ්පාදනය අතින් Huawei හා Samsung සමාගම් ඉදිරියෙන් සිටින අතර Xiaomi සමාගමද tablet මාදිලි කිහිපයක් නිකුත් කර තිබෙන නමුත් ඒවායේ updated version නිකුත් කරන්නට ඔවුන් මේ වන තෙක් කටයුතු කර නැහැ.

පරිගණක සම්බන්ධයෙන් ගත් කල ද Oppo සමාගම විසින් Huawei, Samsung හා Xiaomi යන සමාගම් සමඟ තරඟ කරනු ඇති බව අනුමාන කල හැකියි.

කොහොම උනත් මෙම නව උපාංග ද්විත්වය නිකුත් කරන කාල රාමුවක් පිළිබඳව මේ වන තෙක් තොරතුරු වාර්තා වී නැති අතර එම උපාංග මොනවාද හා මිල ගණන් ආදී සවිස්තරාත්මක තොරතුරු ඉදිරියේදී ඔබ වෙත ගෙන එන්නටත් අප බලාපොරොත්තු වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය, Notebookcheck වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.