COVID-19 වසංගතයේ පැතිරයාම නිසා වසරේ විශාලතම gaming event එක වූ E3 event එක අවලංගු කිරීමට සිදුවූ නිසාවෙන් බොහෝමයක් වීඩියෝ ක්‍රීඩා සමාගම් විසින් ඔවුන්ගේ online events ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ අනුව අද දින Ubisoft සමාගමේ මෙම event එක Ubisoft Forward නමින් විකාශය වීමට නියමිත වෙනවා.

අද රාත්‍රී 12.30 AM ට මෙම Ubisoft Forward event එක ආරම්භ වීමට නියමිත අතර පැයක පමණ කාලයක් පූර්ව ප්‍රචාරක පටයක් විකාශය වීමට නියමිතයි.

නිළ Ubisoft වෙබ් අඩවිය හරහා, YouTube හරහා, Twitch හෝ Mixer හරහා ඔබට මෙම විකාශය සමඟින් එකතුවීමට හැකියාව ලබාදීමට ද Ubisoft සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම online event එක හරහා Assassins' Creed සහ Watch Dog games වලට අදාල නවතම සංස්කරණයන්, එනම් Assassin's Creed Valhalla සහ Watch Dogs: Legion and Hyper Scape යන games නිකුත් වීමට නියමිත වෙනවා.

මිට අමතරව Ubisoft සමාගම පවසන ආකාරයට විශේෂ නිවේදනයක්ද නිකුත් කිරීමට ඔවුන් සුදානම් වන අතර බොහෝ දුරට ඒ නව game එකක් විය හැකි බවද බොහෝ දෙනා මත පළකර සිටිනවා.

මෙහිදී විශේෂයෙන්ම Ubisoft සමාගම Watch Dogs 2 PC version එක නොමිලේ ලබාදීමට තීරණය කර තිබෙන අතර මේ සඳහා ඔබ කල යුතුවන්නේ මෙම event එක අතරතුරදී ඔබගේ Uplay account එකට log වී සිටීමයි. මේ පිළිබද වැඩි විස්තර නිල වෙබ් අඩවියේද සඳහන් වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Ubisoft වෙබ් අඩවිය සහ News week වෙබ් අඩවිය භාවිතා කළ හැක.